(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් පැවසේ.
එම මන්ත්රීවරුන් සිවු දෙනා සමග ආණ්ඩුව දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි ආරංචියක් තමාටද ලැබුණු බවයි.
මේ අතර රාජිත සේනාරත්න, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද ආණ්ඩුව සමග සන්ධානගත වීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්රකාශකයෙක් පැවසීය.
ජනාධිපතිවරයා ලබන 2 වැනිදා උදේ 9.30 ට පාර්ලිමේන්තු අමතමින් විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතය. එම ප්රකාශයෙන් අනතුරුව ඊට පසු දින ජනාධිපතිවරයාගේ ප්රකාශය සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටින බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත,ගොන්සේක පක්ශ කීයක හිටිය ද?ඒ පනිනනෙ තනතුරු වෙනුවෙන්.අනිත් පනිනවා යැයි කියන අය පනින්නෙත් වරප්රසාද වෙනුවෙන්.ඒ පනින රිලව් ස්ථිර ලෙසම ඉදිරි ඡන්දෙන් ගෙදර
සරත් ෆොන්සේකා ගැන ඉතාමත්ම කණගාටුයි.
එහෙට මෙහෙට ආවට ජනතාව ඔවුන් සමග නැහැ
ඉස්සරහට එන ඡන්දෙන් ඇපත් නැහැ කියලා දන්නවා. එහෙම එවුන් පනිනවා. ඡන්දෙ කරන්න ඕන නැහැ ඔය පැන්නහම ලොකු මුදලක් ලැබෙනවා. ඒ ඇති පරම් පරා ගානකට
ඔය කවුරුවත් ආණ්ඩුවට එනව නෙවෙයි. වාසි පැත්තට එනවා. මරු බඩුු ටිකක් එන්නෙ. රනිල් ලොක්කා තියෙන ඡන්ද ටිකත් නැති කරගන්නවා
හැත්ත බුරුත්ත එකට තියලා ගෙදර යවන්න ලෙහෙසියි. ඉතුරු හොරු ටිකත් මේ වගේ මහ හොරාටම එකතු වුණා නම් රටටම ලෙහෙසියි...
ඔක්කොම ගෙදර යන ගමන් ආණ්ඩුවට ගොඩවෙලා යති.
කීයද දන්නෑ මෙයාලගෙ ලංසුව? ඔන්න ජනතාවනි ඊලඟ සැරේ ඡන්දෙකදි මෙයාලා ගැන හොඳින් බලා ගන්න.
මුන් ඔක්කෝම එකයි මල්ලි
අවස්තාවාදී ,ආත්මාර්තකාම් බලලෝබී බඩගෝස්තරවාදී දේසපාලුවෝ .එහෙට මෙහෙට පැනපු අයට අන්තිමට පස්ස බිම ඇනගන්ඩ තමා වෙන්නේ?
එකම විසදුම් එන් පි පි
පනින උන්ට එන්න දෙන්න එපා ඡන්දේ ඉල්ලන්න අපි පඩි දිලා මුන්ව යවලා තියෙන්නේ ජනතාවට ඕන දේ කරන්න මිසක් ගෙම්බෝ වගේ සල්ලි වලට පනින්න නෙමෙයි
225 තුල සිටින ඔය ලොකු නම් තිබෙන, පැති මාරු කරමින් තිබුණු ආණ්ඩුවල බොරු කියමින් ලොකු ලොකු තනතුරු දරපු 175 පමණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ ජනතාව විසින් ගෙදර අරින බව දන්නවා. ඔවුන් දැන් කරන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ යනකොට වාහන පෙර්මිට් එකක, බාර් ලයිසන් එකක්, පැට්රල් ෂෙඩ් එකක, කොමිස් කුට්ටියක්, පැතිමාරු කරාට කෝටි කිහිපයක් අරන් යන එක...