
( චන්දන හෙන්දුරුගොඩ )
වයඹ පළාතේ විවිධ ස්ථානවල නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් සොරකම් කර ලද රත්තරන් තොගයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
මෙම රත්තරං තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක හමාරක් බව පොලිසිය සදහන් කරයි.මාස කිහිපයක විමර්ශන වලින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.
සැකකරුවන් වාරියපොල , නොරොච්චෝලේ, නාගොල්ලාගෙම , දොරටියාව , දැදිගම , කොස්වත්ත යන පොලිස් වසම්වල නිවාස හා ස්ථානවලින් සොරකම් කර ලද මෙම රත්තරන් මහනුවර , කුරුණෑගල , කටුගස්තොට , කෑගල්ල ප්‍රදේශවල උකස් ආයතනවලට උකස් කර තිබියදී මෙලෙස සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරුන්ට අමතක නොවන ආකාරයේ දඬුවම් දීමේ ක්‍රමවේදයක් ඉතාමත් ඉක්මනින් රටට අවශ්‍යයි. සොරකමේ ස්වභාවය අනුව අතක ඇඟිල්ලක් හෝ දෙකක් කපා දැමීම වැනි දඬුවම් අවශ්‍යයි. එය කෲර දඬුවමක් ලෙස ඇතැමෙකුට පෙනුණත් එසේ නැතුව මේ දිනපතා සීඝ්රයෙන් වැඩිවන හොරකම් නවතාලන්නේ කෙසේද?
කොයි පක්ෂ සාමාජිකයෝද? ඡන්දෙට සල්ලි හොයන්න අලුත්ම ක්‍රමය වගේ....