
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.
සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා ලක්ෂයකට අධික පිරිස් සහභාගී වෙති.
පල්ලිය හා අවට පරිශ්‍රයේ රැස් වන ජලය වෙල දක්වා ගෙන යාමට කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 6ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබේ.
එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 2ක් ලබාදීමට අදාල චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත බාර දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේම බදු සල්ලි දෙන්නේ, හරියට ,එයා ගානේ දෙනවා වගේ? මේ දවස්වල පන්සල් පල්ලි වන්දනාවේ යනවා වැඩි. ලෝකෙට පරකාසේ, රටම හිගාකන තත්ත්වයකට පත් කරපු දූෂිත දේසපාලුවෝ ගැන කියලා වැඩක් නැහැ ?
මේ මොහොතේ ඕනෑම දෙයක් ඉල්ලන්න මෙයා ඉල්ලන ඕනෑම දෙයක් දෙනවා හැබැයි මෙයාගේ සල්ලි නොවෙයි දෙන්නේ අපේ සල්ලි අපිට තමයි ණය ගෙවන්න වෙන්නේ
කට්ටියට පාස්කු පහාරය අමතක වෙලාවත්ද?
මොනවා දුන්නත් ඡන්දය දෙන්නෙ නැහැ කතෝලික ඡන්ද ගන්න හදන්නේ අපි අහවු වෙයි ඕවාට
හොඳ වැඩක්. කතෝලික පල්ලිය, දළදා මාලිගාව වගේ අර්ථික අඟහිඟ කම්වලින් පීඩාවට පත්වෙච්ච ආයතනවලට පිහිට වෙන්න ඕන.
මෑතක ඉන්දලා පුදුම සර්දාවක් පහළ වෙලා තියෙන්නේ ? ඕවට මොලේ උඩ ඉන්න අය නම් රැවටෙයි