
(අංජුල මහික වීරරත්න)
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
උරුමය වැඩසටහනින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි ජනතාව බව පැවසු ජනාධිපතිවරයා ගොවි ජනතාව නඟා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙන යාම තම අරමුණ බව කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර රාජධානියට සහල් සැපයු වෙල්ලස්ස 1818 සටනින් පසු විනාශ වී ගිය බවයි. පසුව විවිධ ආණ්ඩු යටතේ මෙම පළාත සංවර්ධනය වුවද ජනතාවට ඉඩම් අයිතිය හිමි නොවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට බත සැපයූ ගොවි ජනතාවට කෘතවේදීත්වය පිරිනමින් එම වගකීම වත්මන් රජය යටතේ ඉටු කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් සින්නක්කර ඔප්පු නොදුන්නේ හේතුවක් ඇතුව. දැන් අන්තිමට කුඹුරු ටිකත් මුදලාලිලාට සින්න වෙනවා. ඊලග පරම්පරාව පාරට වැටෙනවා.
මැතිවරණ දින ප්රකාශ කරට පස්සේ මේ ජන්ද අල්ලස් දෙන එක නතර කරවන්න ඕනේ
පින් ජනපති ජනතාව අන්දවන්න හැදුවාට වැඩක් වෙන එකක් නැහැ...
නිලධාරීන් ඔය ඔප්පු වැඩේට එතරම් උනන්දු නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ ඔප්පු අමුම අමු වංචාවක් කියලා.ඒ ගොල්ලෝ කැමති නැහැ හිරේ යන්නයි මිනිස්සුන්ගෙන් ගුටි කන්නයි.
මේ ඔප්පු වලට ඉදිරියේදී දේපල බද්ද අයකරනවාද?
උරුමය ඔප්පු දෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරියෝ, පගාව ඉල්ලනවා. උරුමය ඔප්පු දීමේදී සිදුවන අසාධාරණකම් ගැන ඍජුවම ජනතාවට ආණ්ඩුවට පැමිණිලි ඉදිරිපත් කරන්න ලිපිනයක් ප්රසිද්ධ කරන්න. ගම්වල සිටින දුප්පත් ගොවියෝ ඔය email, whattsapp කරන්න දන්නේ නැහැ...
මිනිස්සුන්ට මේ පාර වරාය නගරයෙන්එකෙන් ඉඩම් දුන්නත් පරදිනවා
මේ ෆොටෝ එකේ ඉන්න පුද්ගලයාව අපි දන්නවා, අපේ ගමේ , නොම්මර එකේ යූඑන්පී කාරයෙක් ගමේ , අතේ තියෙන රෝල්ගෝල්ඩ් බ්රේස්ලට් එක දිලිසෙනවා.විශේෂම දෙය තමයි මෙයා මෙතන ඔප්පුවක් ගන්නවා වගේ රඟපානවා විතරයි. හම්බවුණ ලබ්බක් නැහැ.