(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා රජය මේ වසරේ මුල් දින විසි දෙකේදී පමණක් දේශීය භාණ්ඩාගාර බිල්පත්වලින් හා බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය දාහතරක ණය ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා මෙය මේ වසරේ සෙසු මාස වල දේශීය වෙළඳපොළෙන් ගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවද සඳහන් කළේය.
මේ අනුව මේ මාසයේ මුල් දින විසි දෙකේදී භාණ්ඩාගාර බිල්පත් වලින් කෝටි අසූ හය දහස් එකසිය හතළිහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් කෝටි තිස්නව දහස් හැත්තෑ පහක්ද වශයෙන් ණය ලබාගෙන ඇත.
රජය මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළඳපොළෙන් රුපියල් කෝටි අසූ දහස් අටසිය හැට පහක්ද පෙබරවාරි මාසයේදී කෝටි හැට හතර දහස් එකසිය හතළිස් නවයක්ද මාර්තු මාසයේදී කෝටි අසූ හතර දහස් තුන් සිය විස්සක්ද අප්‍රේල් මාසයේදී කෝටි හැත්තෑ දෙදහස් තුනක්ද මැයි මාසයේදී රුපියල් කෝටි හැත්තෑ නව දහස් හත්සිය විසි පහක්ද ණය ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා මේ වසරේ මුල් මාස පහේදී දේශීය වෙළඳපොළෙන් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ අට දහස් හැට දෙකක් වන බවද සඳහන් කළේය.
මේ තත්වය යටතේ රටේ ණය බර ඉහළ යෑමක් මෙන්ම ණය අර්බුදයක් කරා යන තත්වයක් පෙනෙන්නට ඇති හෙයින් දේශීය ණය ධරණීතාව රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි රනිල් කරන්නේ, පුළුවන් තරම් ණය අරගෙන එයාගේ කාලේ ආදේගන යනවා. ඊළඟට එන ජනාධිපති/ ආණ්ඩුව/ රටේ මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නේ...
යන යකා කොරහත් බිඳගෙන යනවා කීව වගේ ඉතුරු ටික දවස රට තවත් හිර කරලා යන්නයි හදන්නේ. එන කෙනෙකුටවත් කරන්න බැරි විදියට. ණය පප්පා...
පණිවිඩය සුබයි !!!
මේ මිනිහ රෙදි නැතිව සජිත්ට කඩේ යන එකෙක් බව කවුරුත් දන්න කරුණක්. මේකා ඉලක්කම් ටිකක් අල්ලාගෙන ඔහේ කියවන මිනිහෙක් විතරයි . මේක දන්නා ආර්ථික විද්‍යාවක් නැහැ . දන්නවා නම් සහ දේශපාලකයින්ට කඩේ යන්නෙකුත් නෙවෙයි නම් මේ වගේ ලාමක කතා කියන්නේ නැහැ . රටේ මුළු ආදායම කන්න බොන්න , පදිගේවන්න මදි නම් ණය නොගෙන වෙන මොන මගුලක්ද කරන්නේ කියලත් මිනිහ කියන්න ඕන . රටේ මේ විනාසෙට මේකත් වගකියන්න ඕන මොකද වී විද්‍යාලෙන් පඩි අරගෙන රාජකාරී වෙලාවේ වෙන වැඩ කිරීමත් රජයට වුනු පාඩුවක් නිසා . මහත්තයෝ කාගේ කාගේත් කිල්වොටවල හුන් තියෙනවා . එනිසා නිකන් වල බයිලා නොකිය හිටියොත් හොඳයි
වඳුරු කුණුහරුප තමයි කියන්න ඕනෑ...
විශ්ව විද්‍යාලයකින් කරනදේත් ආණ්ඩුවකින් කලයුතු දේත් පිලිබදව නිවැරදි අවබෝධයක් මේ අදහස් දක්වන ඔබට නැති බවයි පෙනෙන්නෙ.
මෙයා දන්න එකම දේ මේක තමයි ණය ගැනීම විකිණීම බදු ගැසීම
මෙච්චර කරලත් තව රනිල් පස්සෙන් යන ගොන් හරක් ඉන්නවා නේ
ණය ගන්න එක වැරදි කියමුකො. එහෙම නම්ගැළරිය චූන් කරන්න විතරක් මදි. රටේ එදිනෙදා කටයුතු, අකාර්යක්ෂම රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවන හැටි ගැන, කන බොන හැටි ගැනත් කියන්න ඕනේ. නැත්නම් ඔය කරන්නේ දේශපාලන ප්‍රකාශයක්. දැන් ඇමෙරිකාවත් ඔය ජාත්‍යන්තර බැඳුම්කර වලින් ණය ගන්නේ. මම හිතන්නේ රනිල්ට දැනුමත්. පුරුද්දත්, අත් දැකීමුත් ඇති පදම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තරව පිලිගත් තින්ක් ටෑන්ක් එකක් සහ උපදේශකයොත් ඉන්නවා. මේ තාක් ඔහෙලා ඔක්කොම කලේ ඒ මිනිහට කරන්න නොදී කකුලෙන් ඇදපු එකනේ. ඒකේ ප්‍රතිපල නේ මේ අපි ඔක්කොම බුක්ති විඳින්නේ.ඒ නිසා බොරු බිල්ලෝ මවන්නේ නැතුව රට ගොඩ ගන්න කෙනාට උදව් කරන එකයි කරන්න ඕනේ. රාජ්‍ය සේවය ඉතාමත් අකාර්යක්ෂම බවත් ඔය අතරතුර මතක් කරගත්තා නම් හොඳයි.
මේවා දේශීය ණය නේ මහත්තයෝ. දේශීය ණය මොනවා කර ගන්න බැරිද අපේම රාජ්‍ය බැංකු වලින් නේ ගන්නේ. මෙහෙම නොකර මේ මුදල් අවශ්‍යතාව ඉටු කරගන්න විදිය ඔබතුමාට කියලා දෙන්න පුළුවන්ද? තව බදු ගහලද? බඩු මිල වැඩි කරලද? රටේ සම්පත් තව තව විකුණලද? මොකද්ද විසඳුම?
කාටවත් රට කරන්න බැරිව විනාශ කරනවා.