
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වෙයි.
එසේ වුවත් ඩිමොක්‍රටික් පක්ෂයේ සියයට 80 කගේ අදහස වී ඇත්තේ, බයිඩන්ට වඩා ප්‍රතිවාදී රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් කිරීමට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා සමත් වනු ඇති බවය.
පසුගිය දා ට්‍රම්ප් සහ බයිඩන් අතරේ සජීවී රූපවාහිනී විවාදය පැවත්වුණු අතර ට්‍රම්ප් හමුවේ බයිඩන් අසරණ විය. ඒ, බයිඩන්ගේ වයස සහ වයස නිසා ඇතිවන දුබලතා නිසාය. එය ට්‍රම්ප්ට වාසියක් විය.
බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවන අතර, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තා ඔහුය.
විවාදයේ දී 78 හැවිරිදි ට්‍රම්ප්ට වැඩි වාසි අත්වූයේ බයිඩන්ට ක්ෂණිකව සහ පැහැදිලිව අදහස් දැක්වීම කළ නොහැකි වීමය.
බයිඩන්ගේ බිරිඳ ජිල්, විවාදය අවසන් වූ පසු ඔහු ළඟට පැමිණ ඔහු සැනැසූ අයුරු ද සජීවීව දකින්න ලැබුණි.
ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් බොහෝ දෙනකුගේ විශ්වාසය ඔවුන්ගේ පක්ෂයෙන් ඔබාමා බිරිඳ මිෂෙල් ඔබාමා ජනාධිපති ධුරයට තරග කළොත් ඇයට නිසැක වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවය.
එසේ වුවහොත් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වෙයි. එපමණක් නොව, පළමු කළු ජාතික තාන්තාව වනු ඇත්තේ ද ඇයයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1617
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1391
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
494
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජෝ බයිඩන්ට වඩා මිෂෙල් ඔබාමා හොඳයි
Ruwan De Silva Saturday, 29 June 2024 09:19 PM
බයිඩන් නිකං ලංකාවේ මහින්ද වගේ ඇවිදින මළ මිනියක් වගේ. ඊට වඩා හොදයි තරුණ කෙනෙක්ට රට දෙන එක. ට්‍රම්ප් වුනත් හොඳ මනුස්සයෙක් නෙමෙයි, ජාතිවාදි වගේම වංචා දුෂණ කරපු මනුස්සයෙක්
MDSunday, 30 June 2024 07:50 AM
ඔය විධියට අදහස් දෙන්න පුළුවන් තමන්ගේ අම්මා තාත්තාට වුවත් වයසට ගියාම ඔහොම කියන කරන අය තමයි කියලයි මගේ අදහස.ඔයාල වගේ ගොබ්බ වරිත වලට( ඔයත් ගොබ්බ අරගලයට සම්බන්ධව වෙලා මිනිස්සු මරන්න කොටන්න ගෙවල් කඩසාප්පු වාහන පුච්චන්න ගිය කෙනෙක් වෙන්නත් පුළුවන්)දෙමාපියන් වැඩිහිටියන්ට සලකන අය නෙමෙයි.ඔබ ඵහෙම කෙනෙක් නොවන කෙනෙක් නම් සමාවන්න.නමුත් වැඩිහිටියන්ට ගරු කරන්න.
sarathSunday, 30 June 2024 10:56 AM
අනුර කුමාරට බැරි වෙයිද?
Nandalal DE SILVA - France Saturday, 29 June 2024 10:46 PM
ටම්ප් යනු වංචාකාරයකු බව බොහෝ දෙනාගේ මතයයි. ඔහුට එරෙහිව පැවරි ඇති අධිකරණ නඩු විශාලයි.ඔහු අධිකරණයේ දි පවා බොරු කියා නම කිලිටි කරගත් පුද්ගලයෙක්.
nimal Saturday, 29 June 2024 11:41 PM
ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් බොහෝ දෙනකුගේ විශ්වාසය ඔවුන්ගේ පක්ෂයෙන් ඔබාමා බිරිඳ මිෂෙල් ඔබාමා හෝ කෙනඩි පවුලේ සාමාජිකයකු පිළිබද බලාපොරොත්තු තබා ඇත
Kuma Sunday, 30 June 2024 02:42 AM
අපේ කට්ටිය කිව්වේ පවුලේ දේශපාලනය තියෙන්නේ ලංකාවේ විතරයි කියලා දියුණු රටවල නැ කියලා
Ruwan De Silva Sunday, 30 June 2024 09:34 AM
කුමා වැරැදියි. ඇමරිකාවේ පවුල් පාලනයක් කරන්න බෑ ට්‍රම්ප්, බයිඩන්ගේ පුතා කරපු වැරැදි වැඩත් හව් වුණා දඬුවම් දෙනවා. ලංකාවේ එහෙමද? මොකද ඇමරිකාව පාලනය වෙන්නේ සෙනට් එකට ඕනේ මිස් ජනපතිගේ තනි කැමැත්තට නෙමෙයි..