
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ කණ්ඩායම් පුරුද්දට මෙන්ම තනතුරු වලට තිබෙන ආසාව නිසා ජනතාවට බොරු කියමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා මහතා පැවසීය.
ඉදිරි ජනපතිවරණයේදී තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජය හෝ පැරදුම නොව රටේ ජය හෝ පැරදුම බව අබේවර්ධන මහතා කීය.
දැන් යන පාර වෙනස් කළ යුතු යැයි කාට හෝ සිතෙන්නේ නම් ඔවුන්ට මීට අවුරුදු දෙකකට පෙර රට තිබූ තැනට යාමට සිදුවන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
කළුතර ,පානදුර සහ හොරණ මැතිවරණ කොට්ඨාස වල කලාප නියෝජිතයන්ගේ හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මෙරට ගුරුවරුන් රටේ තත්ත්වය දෙස නොබලා කල්පනාවෙන් වැඩ නොකර තවදුරටත් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් ක්‍රියා කළහොත් මුළු මහත් ජාතියම විනාශ මුඛයට යන බවද එජාප සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය.
මොනවා වුණත් එක් සත්‍ය දෙයක් පවසලා තියනවා. "ඉදිරි ජනපතිවරණයේදී තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජය හෝ පැරදුම නොව රටේ ජය හෝ පැරදුම බව අබේවර්ධන මහතා කීය". අනිවාර්යයෙන්ම ඔව්. රට විනාශ කළ මේ සියළුම කල්ලි පලවා හැර රට ගොඩනැගිය හැකි කණ්ඩායමකට බලය ලබාදීමට ජනතාව බලා සිටිනවා... විපක්ෂය විතරක් නෙමෙයි ඔබලාත් තනතුරු වරප්‍රසාදවලට ඇති ආසාවට සහ පුරුද්දට මෙන් කියන්නේ බොරුම තමයි. තව දුරටත් ඔබලාගේ උප්පරවැට්ටි වලට ජනතාව රැවටෙන්නේ නැති බව මතක තබා ගන්න...
තමන් බොරු කියන හේතුවත් ඔය ගමන්ම කියන්නකෝ
අන්න UNP මහ ලේකම්ගේ පුතා තුන්වෙනි වතාවටත් මාරක රිය අනතුරක් කරලා ෂොක් එකට ඉන්නවා. ඒවා පෙන්නේ නැද්ද?
මොනා උනත් ලොක්කා ඇත්ත කියල . පිනා දින්නොත් රට ඉවරෙටම ඉවරයි. පැරදුනොත් මේ රට අලුතෙන්ම හැදෙයි. අනිත් එක බලන්න වජිරගෙ කතාවෙ තියෙන දේශප්‍රේමය ජාති ආලය. කොච්චර රට ගැන හිතනවද. හරියට නිකම් කන්න කලින් කෑමට වදිනව වගේ වැඩක්. අනිත් එක මේ මාස 4න් පස්සේ 90%කට උන්හිටි තැන් නැති වෙනවා
ඔය කියන තරම් වෙනසක් රට තුල සිදුවෙලා නැහැ , අපි රජයේ කාර්යාලවල පෝලිම්වල දුක් විදිනවා ,අඩුමතරමේ මේ ගොල්ලට රියදුරු බලපත් නිකුත් කිරීමවත් 2019 තිබුන ආකාරයට තවම කරගන්න බැරිවෙලා තිබෙනවා , කොළ කැබලි සාක්කුවේ දමාගෙන වසර 2 පමණ ඉන්න ඕනේ එහෙම නැතිනම් 7000-8000 පගාව දෙන්න ඕනේ කාර්ඩ් එක ගන්න , පුලුවන්නම් එම දෙපාර්තමේන්තුවේ අල්ලසට දුෂණයට වැට බැඳලා සතියක් දෙකක ඇතුලත සාමාන්‍ය විදිහට රියදුරු බලපත් කාර්ඩ් පත දෙන ක්‍රමයක් හදල පෙන්වන්නකෝ ? ඒකවත් කරගන්න බැරිනම් ඔය ගොල්ලෝ ෆේල් ,
තමුන් කියන බොරු බේගල් නම් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ.රනිල් අවුරුදු 45 ක් තිස්සේ කරපු කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .බලලෝබී බඩගෝස්තරවාදී දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ
මේ කියන කතා හිනා නොවි අහන් ඉන්න කොහොමද අප්පා
ඇනස්ලි, බර්ටි, සැමුවෙල් දැන් මැරිලා නිසා අපට හිනා වෙන්න මෙයා අලුත් විහිලු සපයනවා
ඔයා මොන බයිලා ගැහුවත් සටන තියෙන්නේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතරයි ධම්මික පෙරේරා අවොත් අනිවාර්යෙන්ම රනිල්ට හතර වෙනි තැන තමයි ලැබෙන්නේ රනිල්ගේ වටේට ඉන්න අයට කෙසේවත් චන්ද ලැබෙන්නේ නැහැ ඒ අය ගැන ජනතාව හොදට දන්නවා
රට ගැන හිතපු නිසා තමයි ගාල්ලෙ එජාප සාමාජිකයෝ ඔය සභාපතියා ගෙදර කිව්වෙ. ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ආයෙත් එනවා අපිට කියල ඇරවගන්න...
මෙයා බලය ලබාගන්න නොකිය බොරුවක් නැ පට්ට කෙබර කෙලින්නේ කරුනාකරලා රටේ ඇත්ත තත්ත්වය මිනිස්සුන්ට කියලා ඡන්දය ඉල්ලා දිනන්න හදනවා හලෝ යන තැනට හොඳක් කරගන්නවා
පළවෙනි විකිණුබ රජතුමාට ජයවේවා