
(චන්ද්‍රසේන ගමගේ)
මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් රෝගාතුරුව සිටි හා මිය ගිය තංගල්ලේ ධීවර පිරිස හැකි ඉක්මණින් ගොඩබිමට රැගෙන එන ලෙසට බලකරමින් ධීවරයින්ගේ ඥාතීන් හා අසල්වැසියන් පිරිසක් අද (29) සවස තංගල්ල මාතර ප්‍රධාන මාර්ගය පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති අතර විරෝධතාවය නිසා තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වූහ.
විරෝධතාකරුවන් පවසා සිටියේ මියගිය හා රෝගී වූ තම ඥාතීන් හැකි ඉක්මණින් ගොඩ බිමට ගෙන්වා දෙන ලෙසයි.
තමන් සිද්ධිය පිළිබඳව අද පෙරවරු 9 වන විට අදාල අංශ දැනුම්වත් කළද ඔවුන් කිසිදු පියවරක් ගෙන නොතිබුණු බවට ධීවරයින් ගේ ඥාතීන් චෝදනා කළහ.
විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීම සදහා පොලීසිය උත්සාහ කළ අතර එහිදී විරෝධතාකරුවන් කළහකාරී ලෙස හැසිරිණි. අනතුරුව විරෝධතාකරුවන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමට පොලීසියට හැකි වීය.
අද සවස වන විට ධීවරයින් සිවු තිදෙනෙකු මිය ගොස් තිබුණු බව පොලීසිය සනාථ කරනු ලැබීය.
මිය ගොස් ඇත්තේ තංගල්ල පල්ලික්කුඩාව ගොයම්බොක්ක හා අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව ට පොලීසියට තොරතුරු ලැබී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කාට විරුද්ධවද උද්ගෝෂණය කරන්නේ? මුහුදට එම බෝතල් දාපු අයටද? හොයලා බලන්නේ නැතුව තියන පෙරේත කමට කර ගත්ත දේවල් වලට කවුද වග කියන්න ඕන? මේක ට්‍රැක් ලන්තෙම තමයි
මෝඩ බේබද්දෝ පිස්සු කෙළින ගානට හමුදාව ලෑස්තිවෙලා ඉන්න ඕන උංව බේරාගන්න යන්න. පුදුම ට්‍රැක් ලංතයක්….
අරක්කු දැක්කම අපේ උන්ට පිස්සෝ වගේ, මම නම් කියන්නේ මේවාට උද්ගෝෂණය කරලා වැඩක් නෑ, වරද ධීවරන්ගේ
ඒ මරණ ගැන කනගාටුයි. නමුත් බෝතලේ තිබුණේ මොනවද කියලා බලන්නේ නැතිව පෙරේතකමට බිව්වේ ඇයි. දැන් හැමදේටම උද්ඝෝෂණ. නාවික හමුදා උදව්වෙන් සිරුරු සහ ලෙඩුන් රැගෙන එනබව වාර්තා වෙනවා. ඈත මුහුදේ නම් යාත්‍රාව තියෙන්නේ ගේන්න වෙලා යනවනේ..
අතට අහුවෙන ඕන අසූචි ගොඩක් බොන්න තරම් මෝඩ මිනිස්සු..... කියන විදියට දුර අනුව යන්න බැරිබවක් කියනව නේද? ඒත් දේශපාලනකයන්ට රට වටේ සවාරි ගහන්න හෙලිකොප්ටර් තියනව නේද?
උන දේ උනා.ජිවිත බෙිර ගැනිම මානුෂිය මෙහෙයුමක්
ලංකාව හැදෙන්න නම් මේ වගේ නරුම මිනිස්සුත් නැතිවෙලාම යන්න ඕනේ. මේ මෝඩයෝ තමයි අරක්කු කාලට ඡන්දය විකුනන්නේ…