
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් විවිධ අවස්ථාවලදි අත්අඩංගුවට ගැනුන හොරෝයින්, අයිස්, හා කොටමින් නැමති මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ පිහිටි පොලිස් දෙපාර්තුමේන්තුවට අයත් අධිබල උදුනේ දමා විනාශ කිරීම පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ අද (29) දින දහවල් සිදුවිණි.
මෙලෙස පුළුස්සා විනාශ කළේ ශ්‍රී ලංකා පොලිසිය,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය, හා නාවික හමුදාව එක්ව අත්අඩංගුවට ගෙන අදාල අධිකරණ කටයුතු අවසන් වු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 614ක්, කොටමින් නමින් හැදින්වෙන මත්ද්‍රව්‍ය කිලෝ 581ක්, සමග හෙරෝයින් කිලෝ 13 යි ග්‍රෑම්ස් 681 ක් බව කියයි.
අදාල මත් ද්‍රව්‍ය තොගය කොළඹ මහ අධිකරණයෙ සිට දැඩි ආරක්ෂාවක් යටතේ පුත්තලම වනාතවිල්ලුවට රැගෙන ඒමෙන් පසු විනාශ කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට මහජන සාමය හා ආරක්ෂාව භාර ඇමති ටිරාන් අලස් මහතා සමග පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මංඩලයෙ නියෝජීතයින්,රජයේ රස පරික්ෂක,මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය නියෝජීතයින් හා පුත්තලම වනාතවිල්ලුව, ඇතුළු පොලිස්ථානවල පොලිස් නිළධාරීන් එක්ව තිබුනී.
අදාල මත් ද්‍රව්‍ය තොගය අධිබල උදුනේ පැය 24 කට අධික කාලයක් පිළිස්සිම සිදුවුවන බවද කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු ගියා නම් මේකෙන් භාගයක්ම පාන්පිටි වෙන්න ඇති.
වැරදි හොයන්නෙ මේවා පාවිච්චි කරන ඈයො තමා
ඔය පිච්චුවේ අලුත්ම මත් කුඩුද? දෙයියෝ සාක්කි