
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්රකාශ කෙරුණු මන්ත්රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී ඇත.
එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයාට දන්වා ඇත.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකු සමග පසුගිය සතියේද සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසට බිම් මට්ටමෙන් එම පක්ෂ නායකත්වයට දිගින් දිගටම දැඩි බලපෑම් සහ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.
මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වීමට මුල සිට කැමැත්ත පළකර සිටි විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් එසේ සම්බන්ධවීම තවදුරටත් ප්රමාද කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ රනිල් දින්නොත් ඔය ගන්න හැත්තට ජොලිකරන්න ඇමැතිකම් දුන්නාම ඒ කාලකණ්නි මේන්ටේන් කරන්න අපි බදු ගෙවන්න ඕනේ කියන එකනේ... මොලේ ඇති අය ඉන්නවා නම් හිතපල්ලා මේවා ගැන...
මුදලට එකිනෙකා බා ගැනීමේ මේ නින්දිත ක්රමය වහා නතර කළ යුතුයි. එය සැබෑ ජනමතයට කරනා අපහාසයකි. වංචා, දූෂණ, අල්ලස් ගැන සොයනා නිලධාරීන් මේ කෝටි ප්රකෝටි ගණන් වලට එහෙට මෙහෙට පනින මන්ත්රීන් ගැන සොයා බැලීම වටී. ඇතැම් විට එය තමන්ගේ රැකියාවටද බලපෑමක් විය හැකියි. නමුත් හැකි හැම විටම නීතිගරුකව කටයුතු කරන්න.
මණ්ඩලේ කචල් වගේ නේද...?
නාමල් ලොකුවට හිතාගෙන හිටියට පොහොට්ටුවන්ට දැන් ඇති ලබ්බක් ගම්වල නැහැ. ඒ අයට කුද ගහගන්න කියලා ඔබතුමා ඔබතුමාගේ ගමන යන්න. රාජපක්ෂලා ආයේ මේ සසරේදී බලයට එන්නේ නැහැ....
මුන් හැමදාම කලේ මුන්ගේ පැත්තට ඩිල් දාන එක තමයි. ඒක තමයි අපේ රට මේ වගේ බංකොලොත් වුනේ
රනිල් තනියම ඉල්ලුවොත් කීයක් හරි චන්ද ලැබෙයි. රටේම මිනිස්සුන්ගේ වෛරයට, ලක්වෙලා ඉන්න පොහොට්ටුවොත් එක්ක ඡන්දේ කොරන්න ගියොත් ඇපත් නෑ.... ඒ වෙන පරාදයේ ලැජ්ජාව රනිල් පිටින් යවන්න පුළුවන්නිසා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ....
ඉදිරිපත් කරන්න කෙනෙක් හිටියනම් අරගලය වෙලාවෙ උන්දැලා ආච්චිට හාල් ගැරූ නිසාද ඉදිරිපත් වුනේ නැත්තේ කියලා අහන්න කැමතියි ඔය හදන්නෙ සජබ පිරිසක් ආවොත් රනිල්ට ජය හිමිවෙනවා කියලා ස්ථිරවම දැනෙන නිසා ඒ මාර්ගයෙන් පොහොට්ටුවෙ එවුන් එකෙක් වත් පාර්ලිමේන්තුවට යවන්න සූත්රයක් තමයි පොහොට්ටුවෙ එකෙක් තනිවම ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වුනොත් ඇපත් නැහැ පක්ෂයත් නැහැ රනිල් නැත්නම් අනුරයියා තමයි ජනාධිපති වෙන්නෙ
පොහොට්ටුවෝ රටේ කාලකන්නි තවත් ඡන්දයකට ගිහින් හේත්තු නොවි ගෙදර ඉදන් ස්වං රැකියාවක් හොයාගන්න
පව්ලේ හතර වරිගෙම ඉන්න අය කිට්ටු කරගෙන රටම හොරා කාලා විනාශ කරපු, දූෂිත දේශපාලුවන් කියන පදේට නටන්ඩ යන අයට, අන්තිමට සිද්ද වෙන දේ ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
මේ පාර කවුරු ආවත් වැඩක් වෙන්නේ නැත. ජය මාලිමාවට, පැහැදිලියි.
මේ කරන්න හදන්නේ රට අයෙත් අස්ථාවර කිරීමට. ඔය කියන රාජ පස්ස යෝ ට ඉන්න තැනක් නැති වේවි කියලා මතක තබා ගන්න. අපි හුගක් බැට කාපු රටක් . ඔය පොහොට්ටු අයට සැලකුවොත් ඔක්කොම හරි. අර කපුටා තමා නාරකම සතා.
මගේ අදහස නම් රනිල් වික්රමසිංහ මහතා මුදල් ඇමතිකමක් දීලා ආණ්ඩුවක තියාගන්නවා ඇර වෙන බලතල දෙන්න හොඳ කෙනෙක් නොවනවා කියන ඵකයි.කන්න දීපු අත හපා කන වැඩක් නේද දැන් ඵයා පොහොට්ටුවට කරන්නේ.අනිවාර්යෙන්ම මෙයා නැවත පත්කකලොත් රට කඩනවා වෙන් කරනවා විකුණගෙන ඵයාල සදාකල් බලයේ රැඳෙන්නට නීති සම්පාදනය කරගන්නවා.ඵයට විශාල වශයෙන් දමිළ මුස්ලිම් ඡන්ද වාසියට යොදා ගන්නේ ඔවුන්ට ඉඩකඩම් දේපල හා වෙනත් සහනාධාර ලබාදීමෙන් කියලා හිතනවා.
ඡන්දෙන් පස්සේ පොහොට්ටුවක් නැතිවම යාවි.. ඔක්කොම පොහොට්ටුවෝ රනිල් පස්සේ...!