
(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත.
මෙසේ දැනුම් දී ඇති ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයද වෙයි.
ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව රජයේ මුද්‍රණාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
මේ අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සියළුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේදී දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසීය.
මෙයට අමතරව නිලධාරීන් සහ වාහන පිළිබඳවද සංගණනයක් පවත්වන ලෙසට සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එසේ උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටවැසියනි, මෙවර මැතිවරණයේ අප බලවත් වෙමු. අපි එකතුවෙලා හොරුන්ව පන්නමු. රටට ජනතාවට වැඩක් කළ හැකි කොටසක් අපේ පාර්ලිමේන්තුවට පත් කරගමු. හොරුන්ව එළවීමේ ඉක්මන්ම සහ ලාබදායීම ක්‍රමය මෙයයි. හරි පැත්තේ හිටගමු... හරි ආණ්ඩුවක් පිහිටවමු...
තොත්ත මැකෝ බබාලා, බල්ලට කියන්න ඕන දේ බලු වලිගෙට කියනවා. කොහොම කොහොම හරි කමක් නැහැ, ජනතාවට නියමිත දිනට මැතිවරණය ලබා දෙනවනම්.