(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , "හරිත මාවත "(Green Channel ) ඔස්සේ  පිටතට යාමට තැත් කළ ගුවන් මගියෙක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි .

මොහු සෑම මාසයකම තුන් හතර වතාවක් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන්වල යෙදුණු පුද්ගලයෙකි .

සාමාන්‍යයෙන් ප්‍රංශය , එංගලන්තය , ජර්මනිය , රුසියාව වැනි රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් එතරම් දැඩි පරීක්ෂා කිරීමකට ලක් නොකරති .

නැමුත් මෙම ගුවන් මඟියා ගැන ඇති වූ සැකය මත අ නවතා අහඹු ලෙස පරීක්ෂා කිරීමේදී මෙම ස්වර්ණාභරණ තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .