
(ගයාන් සූරියආරච්චි)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියකු සහ නාවික භටයකු අද (30) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි.
නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් මෙම නාවික භටයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාව නොදන්න මුහුදෙන් අල් පෙනිත්තක් වත් ගෙන්න බෑ කියනවා නේද? හැබැයි ඉතින් කිලෝ ගණන් කුඩු ලංකාව ඇතුලේ ... හරිම පුදුමයි. සමහර නාවික හමුදා නිලධාරින්ගේ ගෙවල් තට්ටු 4 යි ලක්ෂ පඩියෙන් කොහොමද හැදුවේ දන්නේ නෑ ඒවා හැබැයි.. පුදුමයි නේද?