(ප්‍රසංග පෙරේරා සහ ඇන්ටන් ජයසූරිය)

අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු යටකරමින් අසල නිවසකට කඩා වැදී තිබූ බව පොලිසිය කියයි. 

බෝපිටිය පොලිස් වසමේ  කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ බෝපිටිය පිවිසුමේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් තිබුණේ අංක පරණ අම්බලම උස්වැටකෙයියාව පදිංචි සුරේෂ් රොෂාන් (43)නැමැති දරුවන් දෙදෙනෙකු සිටින පියෙකි.

අධිවේගී මාර්ගය දෙස සිට අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථය මාර්ගය මැද ඇති දූපත උඩින් පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදි කරුවෙකු ද යට කරමින් අසල නිවසකට කඩා වැදී ඇත.

අනතුරින් නිවසට ද බරපතල හානි සිදු තිබේ .

එහිදී යතුරු පැදිය සුණු විසුණු වී ගොස් යතුරු පැදියේ ගමන් ගත් අය එම ස්ථානයේ දීම මරුමුවට පත්විය.