
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න මහතා පත් කරනු ලැබ ඇත.
මෙම පත්වීම ජූනි මස 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න මහතා උපකුලපති ධුරය සඳහා තේරී පත්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඒ මහතා 2021 වසරේදීද විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය දරා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම සිදුකර තිබේ.
ගිණුම්කරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන පී.එම්.සී තිලකරත්න මහතා මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප කුලපතිතුමනි, ඔබතුමාට අපගේ ජයග්‍රහණය සඳහා දරුවන්ට තියෙන ප්‍රශ්න නිරාකරණය කර දී අධ්‍යාපන කටයුතු කරන හා උපාධිය ලබාගෙන පිටවීමට සිටින සියලු දරුවන්ට පිහිටවීම ඔබතුමාට ශක්තිය හා වාසනාව උදාවේවා..!