
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා ලංකා මාතාව වැල්පාලමින් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත් එම වැල්පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
කොළඹ අද (1) පැවති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මහතා එසේ පැවසීය.
පැරිස් සමාජය සමඟ අස්සන් කළ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙන බවත් එම ගිවිසුම අන්තර්ජාලයට යොමු කළ ඇතැයි පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළත් මේ වනතෙක් එය වී නොමැති බවත් ඒ මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් මෙවැනි ගිවිසුම් පිළිබඳව අනිවාර්යෙන් දැනගැනීමට අයිතියක් ඇති බව කී ඒ මහතා රට බංකොලොත්භාවයෙන් මිදුනා යැයි රජය කරන ප්‍රකාශ මහජනතාව රවටන ප්‍රකාශ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔබතුමාගේ ගෝලයෙක් ජනාධිපති වුණාට අමතරව රට අගාධයෙන් මුදවා ගැනීම නිසා ඔබට සතුටක් ලැබෙන්නේ නැත්නම් ඒක තනිකරම කුහකත්වය හා ඊර්ෂ්‍යාව කියන්න පුළුවන්... අපේ ගුරුවරු නම් එහෙම අය වුණත් රනිල්ට ලැබුණු ගුරුතුමා නම් ගුත්තිල කෙනෙක්ම තමයි...
ORIGINAL කුහකයා. ගෝඨාභය මහත්මයාලාටත් වැඩේ දුන්නේ මේ හාල් පාරුවෝ තමයි...
අනේ මෙන්න මේ නාකි සීයව ඊළඟ සැරේවත් පාර්ලිමේන්තුවෙන් එළියේ තියන්න වැඩකරන්න කවුරුත් හිතට ගන්න . මම රනිල් මහතාට මුල ඉඳලම අකමැති කෙනෙක් නමුත් ඒ මනුස්සයා නොහිටින්න අපි ගොඩක් අය තෙල් පෝලිමක හෝ ගෑස් පෝලිමක දී මැරිලා වළලපු තැන්වල දැන් ගසුත් පැළ වෙලා ගොඩක් කල්. මේ නාකි සියා හැමදාම කලේ මගුල් කියවමින් ඉඳීම විතරයි.
ඇයි ඔයාගේ කලින් ගජ මිතුරන් වන රාජපක්ෂලාත් එම වැල්පාලමෙන් ගොඩ වූයේ එක අමතක වෙලාද?
දැන් එතකොට අපිද රනිල් ජනපති පුටුවේ තිබ්බේ
ඔබතුමත් ඒ කාලේ ඉඳලාම එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට, කරානම් ගගහා වැල් පාලමෙන් ගොඩගිය හැටි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...!
නාමල්ට කුඩේ අල්ලාගෙන පස්සෙන් ගියානේ...
මහාචාර්යකම මොකටද, මෙයා නාමල්ට කුඩේ අල්ලාගෙන පස්සෙන් ගියා නේද?