(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම කලුතර මාර්ගයේ ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ දී  පිරිසක් ගමන් ගත් වෑන් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුලු පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි .

අනතුර සිදුකළ බව කියන මෝටර් රථ රියදුරු  පලා ගොස් ඇති අතර ඔහුගේ බව සිතිය හැකි රියදුරු බලපත්‍රය ඇතුලු මුදල් පසුම්බිය මෝටර් රථයේ ඉදිරිපස අසුන අසල තිබී පොලිසිය මගින් සොයා ගෙන ඇත.

තුවාල ලැබූවන් අතර මාස 8 ක බිලිදියක් සහ අවුරුදු 2 ක පිරිමි දරුවෙක් වන බව පොලිසිය කියයි .