ගිලන් භික්ෂු මධ්‍යස්ථාන විදුලිය ලැබේ මාස තුනක විදුලි බිල්පතක් ගෙවීමට නොහැකිවීම නිසාවෙන් ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි මාපිය අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයෙහි විසන්ධි කර තිබූ විදුලි සම්බන්ධතාවය නැවත අද (08) යළි ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බව එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියෝ පැවසූහ. 08 December 2023
බදුල්ලේ පාරවල් අදත් වැසෙයි විශාල නාය යාමක් සක්‍රිය වීම හේතුවෙන් අද (8) කොස්ලන්ද කැලිපාණාවල අස්වැද්දුම ගමේ පදිංචි පවුල් විසි හයක් පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ජේ .ප්‍රියංගිකා මහත්මිය කීවාය. 08 December 2023
කෝටි 10ක ’’කුෂ්’’ කටුනායකින් අල්ලයි කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10 ක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . 08 December 2023
රාජ්‍ය සේවකයන්ට යාපනේ යන්න ‘යාල් නීලා’ වොරන්ට් පහසුකම් ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මගින් පළමු සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් දීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය. 08 December 2023
වතු කම්කරු වැටුප වැඩි කරන ගාන වහා කියන්න වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. 08 December 2023
බදුල්ල කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නාය යාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බව බව හාලිඇල පොලිසිය පවසයි . 08 December 2023
නාවික හමුදාවේ 1877කට උසස්වීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තනතුරුවලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 1877 කට උසස්වීම් දී තිබේ. 08 December 2023
කලා වැවේ දොරටු ඇරේ කලාවැව ජලපෝෂක ප්‍රෙද්ශවලට ඊයේ රාත්‍රිෙය් සිට ඇදහැලුනු වර්ෂාවත් සමග කලාවැව ජලධාරිතාවය ඉහළ යාම නිසා එහි හදිසි වාන්දොරටු අද (08) පස්වරු 3.00 සිට වීවෘත කිරීමට කලාවැව ජලාශභාර කාර්යාලය කටයුතු කර තිබේ. 08 December 2023
භාණ්ඩ අනූ හතකට වැට් බදු නිදහස දී ඇති ද්‍රව්‍ය එකසිය තිස් අටකින් අනූ හතක ඒ නිදහස ඉවත් කිරීමට යෝජනාවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය. 08 December 2023
ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී පැවැත්විණි. 08 December 2023
ඒ.සී නැතුව සිංහල චිත්‍රපට අනතුරේ කැලණියේ පිහිටි සිංහල චිත්‍රපට සංරක්ෂණාගාරයේ වායු සමීකරණ යන්ත්‍රය අක්‍රීය වීම නිසා චිත්‍රපට පිටපත් විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 08 December 2023
නව විදුලිබල පනත කුමන්ත්‍රණයක් ශ්‍රී ලංකා විදුලිබල පනත නමින් ගැසට් කර ඇති පනත් කෙටුම්පත දෙසැම්බර් 5 වැනිදා ගැසට් කළ බව සඳහන් කර තිබුණ ද 5 වැනිදා වනවිට එවැනි කෙටුම්පතක් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ පළකර නොතිබුණු බවත් මෙම විදුලිබල පනත කුමන්ත්‍රණයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (8) පැවසීය. 08 December 2023
’හරක් කටා’-’කුඩු සළිඳු’ තව දින 90ක් සී.අයි.ඩීයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන තිබෙන ’හරක් කටා’ හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න සහ ’කුඩු සළිඳු’ හෙවත් සළිඳු මල්ෂිත තවත් දින 90 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය. 08 December 2023
මාධ්‍ය ගැන ලංකාවට තවත් ’’කප්’’ එකක් ලෝකයේ දුෂ්කරම මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදීන් සිටින රටක් ලෙසත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 December 2023
කැලණිය සරසවිය ලබන සඳුදා ඇරේ කැලණිය විශ්වවිද්‍යාලයේ වසා තිබෙන පීඨ තුන නැවත ලබන සඳුදා (11) විවෘත කරන බවත් ඒ අනුව විද්‍යා, වාණිජ හා කළමණාකරණ සහ තාක්ෂණ පීඨ මෙසේ නැවත අධ්‍යාන කටයුතු සඳහා විවෘත කරන බවත් එම විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි. 08 December 2023
වැදූ මවත් හදන්න ගත් මවුවරුන්ටත් ඇප:දරුවන් ළමා නිවාසයට දරුවන් මුදලට අළෙවි කිරීම සහ නීත්‍යානුකුල නොවන අයුරින් දරුවන් ලබා ගැනිම යන චෝදනාවන් මත වැලිසර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වැදූ මව සහ හදාගන්නට ගත් මවුවරුන් තිදෙනා ඒක්ක්ක අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිධාන මහතා නියෝග කළේය. 08 December 2023
සිවුරක් පැළඳුවාට අවුකන ප්‍රතිමාවට හානියක් වී නෑ අනුරාධපුරය ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීමේදී එම ප්‍රතිමාවට හෝ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැතියි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 08 December 2023
ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ හත්දෙනෙක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 08 December 2023
ජපානයෙන් තවත් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ තවත් කේෂ්ත්රයක රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි. 08 December 2023
සිහි නැති කළ ජිරාෆ්ගේ දිවි තොර වේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (25) ක් වූ එක් ගැහැණු සත්වයකු (07) වන දින හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය. 08 December 2023
පාසලේ පාඩමට හැදූ කෑම කා කසන්න අරන් ගෘහ විද්‍යා පාඩමකදී සකස් කළ බව කියන ආහාරයක් අනුභව කිරීමෙන් පසු අසාත්මිකතාවකට පත්වූ පාසල් සිසු සිසුවියෝ 12 දෙනෙක් අද දහවල් මීරිගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. 08 December 2023
ලන්ච් ෂීට් තහනම් ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ කළේය. 08 December 2023
පාර්ලිමේන්තු පනතකින් තව කොමිසමක් එයි සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. 08 December 2023
A සමාර්ථ 25ක් ගෙදරට ගෙනා නිවුන්නු තිදෙනා අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් ඒ සාමාර්ථ 25 ක ත්‍යාගයක් දෙමාපියන්ට දායාද කිරීමට ගාල්ල මාපලගම නිවුන් සොයුරෝ තිදෙනෙක් සමත් වූහ. 08 December 2023
රන් මිලේ පහළ යෑමක් දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (8) පහළ යෑමක් ප්‍රදර්ශනය කරන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 08 December 2023
කොළඹ ප්‍රදේශ 5කට ජලය කපයි කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට හෙට (9) පස්වරු 5.00 සිට අනිද්දා (10) පෙරවරු 9.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 08 December 2023
විදුලි බිලට සංශෝධනයක් ලබන මාසයේ වර්ෂාව සමග විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය සැලකිල්ලට ගෙන විදුලි බිලට ලබන මාසයේදී සංශෝධනයක් ගෙන එන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2023
භික්ෂු ගිලන් හලේ විදුලිය කැපීම ගැන පරීක්ෂණයක් ගිලන් භික්ෂූන් වහන්සේලා 68 නමක් වැඩ සිටින හංවැල්ල කළු අග්ගල ගිරා ඉඹුල ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් විදුලිබල මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් කැඳවා තිබේ. 08 December 2023
ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්න ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය 08 December 2023
ගැසට් එකක් ගැන විපක්ෂයෙන් බකට් එකක් විදුලි බල පනතට අදාළ ගැසට් පත්‍රයේ ලංකාවේ නැති අකුරු වගයක් ඇතුළත්වන හෙයින් එම ගැසට් පත්‍රය අවලංගු කර වෙනත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (8) ඉල්ලීමක් කළහ. 08 December 2023
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026