(අංජුල මහික වීරරත්න)

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අද වන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැලැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එදා මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබු බව සඳහන් කළ ජනාධිපතිවරයා අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙ බව කීවෙි  ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී  පැවති පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන්ගේ හමුවට සහභාගී වෙමිනි.

දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව මෙම හමුව සංවිධානය කර තිබිණ.