
(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)
තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක ගලෙන්බිදුණුවැව අලියාවැටුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයෙන් අපට හමු විය.
අනුරාධපුර ගලෙන්බිදුණුවැව පලුගොල්ලාගම ශ්‍රී ඤාණිස්සර පිරිවෙන් විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි ඇලපද්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ තම දායකයන් මුහුණ පා සිිටින ආර්ථික අපහසුතාවයට යම් ප්‍රමාණයකින් හෝ රුකුලක්ව වන්නට පවුල් තුන්සීයකට පමණ පිරිසකට ප්‍රයෝජනය ගත හැකි පරිදි කරුවලගස්වැව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.
ගම්වාසීන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා මහා සංඝරත්නය එක්ව කුඩා උත්සවයකින් අනතුරුව පුරාණයේ ගම්වල පැවති චාරිත්‍රා වාරිත්‍රවලට මුල් තැන දෙමින් මෙම කටයුත්ත ආරම්භ කළේය.
ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානාධිපති ඩී.එම්.එස්.ජේ දිසානායක මහතා, ගලෙන්බිදුණුවැව රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන් එක්ව ප්‍රදේශයේ සංඝරත්නයේ ආශිර්වාද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.
මෙමගින් කුඹුරු අක්කර පනහකට වැඩි ප්‍රමාණයක් යල මහා දෙකන්න හකියාව තිබුණද වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවීම හේතුවෙන් අක්කර 25කටත් අඩු ප්‍රමාණයක් මහ කන්නය සඳහා පමණක් කුඹුරු වගාව සිදු කිරීමට හැකිවීම ප්‍රදේශයේ ජනතාවට මෙන්ම ගම්මානයේ විහාරස්ථ විහාරාධිපති වශයෙන් කණගාටුදායක තත්වයෙන් පසුවූ එහිදි අනාවරණ විය.
වගකිවයුතු පාර්සයන් දෙස බලා හිඳීමෙන් ප්‍රතිඵලයක් නොමැති කම අවබෝධ කරගත් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ නායකත්වය සහ මැදිහත්වීම මත උන්වහන්සේගේ හිතවත් දායකයකු වන දැනට ඇමරිකාවේ සේවයේ නියුතු සරත් ගුණවර්ධන මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ පනස් හතරක වියදමකින් මෙම වැවෙහි රොන්මඩ ඉවත්කොට වැව් බැම්ම නැවත සකස් කොට ප්‍රදේශවාසීන්ට ජලස්නානය සඳහා නාන මංකඩ සකස් කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සමස්ත සිවිල් ජනතාව ඉගෙන ගත යුතු විශිෂ්ට පාඩමක්
ජනතාව ගැන සානුකම්පාවෙන් කටයුතු කරන ඔබ වහන්සේගේ ප්රයත්නය සාර්ථක වේවා ! බොහෝ හාමුදුරුවන් වහන්සේලාට ආදර්ශයකි.
එතකොට පොලිස් ස්ස්ථානාධිපතිවරයා ආවා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කෘෂිකර්ම බලධාරී හැටියට හා ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින්ගේ ප්‍රධානියා හැටියට ඇවිල්ලා නැහැ කොහොමද රටේ සංවර්ධනය කරන්නෙ කියලා හිතාගන්න බැහැ .ගමේ හාමුදුරුවෝ මෙහෙම කිරීම ඉතාමත් අගය කලයුතු වැඩක් තමයි ඒත් අනෙක් ගම්වල සියල්ලම අත් හරින්න කියලා වදාරන හාමුදුරුවන් වහන්සේසේලා අත් හරිනදේ පංසලේ පුරවන්න කීම දායකයින් පංසලෙන් ඈත්වීමට හේතුවක් වෙනවා
හොද වැඩක්. ඒත් ඔකටත් කියයි. නිදහන් හාරනවා කියලා හොදේ
ප්රවෘත්ති මාතෘකාවට එකට සරත් ගුණවර්ධන මහත්තයාගේ නම ඈඳුණා නම් තමයි වටින්නේ..!
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස