(රංජිත් රාජපක්ෂ)

පානදුර සිට නුවරඑලිය දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි අද (20) දින උදැසන හදිසියේ ගිනි ගෙන ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගින්න හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු උදැසන 11 සිට පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබු බව ගිනිගත්හේන පොලිසිය කියයි.

ධාවනය වෙමින් තිබු මොටර් රථය උදැසන 11 ට පමණ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි ගිනි ගැනිමට ලක් වු බවත්, මොටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති බවත්, ගින්න පාලනය කිරිමට උත්සහ කල එක් අයෙකු පිලිස්සුම් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

ගින්න පාලනය කිරිමට පොලිසිය දැඩි උත්සහයක නිරත වුවත් එය ව්‍යාප්ත විය.

 ගින්නෙන් මොටර් රථය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.