
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම මැතිවරණ එම සන්ධානය යටතේ තරඟ කරන බව මහලේකම්වරයා සඳහන් කළේය. නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමඟ අභ්‍යන්තර සාකච්ඡා අවසන් අදියරේ සිදු කරමින් පවතින බවත් ඔහු කීවේය.
සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු 10 කට අධික පිරිසක් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බවත් මහලේකම්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ඡන්දෙදි සජබෙට ලැබුනේ ඡන්ද ලක්ෂ 27 යි. ඕකට ඔය පොහොට්ටුවෙන් හාල් කැලි දෙක තුනක් අවට , සජබෙට අදත් තියෙන්නේ ඡන්ද ලක්ෂ 25 කට ආසන්න ගණනක් විතරයි . එනිසා ජනපති අගමැති හීන වල ඉන්න අයට ඇත්තටම ලැබෙන්නේ විපක්ෂ මන්ත්‍රී කම් විතරයි .
වැඩක් වෙන්නේ නැහැ හොද නායකත්වයක් තොරගන්නකල් .