
(ගයාන් සූරිය ආරච්චි)
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන කාන්තාවක් හා පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, වැලිසර සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු විසි 24 ත් 28 ත් අතර පසුවන කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනෙකි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සෙල්වකුමාර් රංජිත් නැමැත්තා මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා වැඩක් නැහැ. කෝ අර මිනීමරුවන් දෙන්නා?