
(බී.ජී. චතුරංග )
අනුරාධපුර, කැකිරාව සහ වහමල්ගොල්ලෑව යන ප්‍රදේශවලදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් කුඩා දැරියක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.
ඊයේ 20 රාත්‍රී 9.10ට පමණ, රඹෑව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම උත්තර සාලිය විහාරස්ථානයේ ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් එම විහාරස්ථානය ඉදිරිපිට වෙළඳ සැලක් පවත්වා ගෙන යමින් කුලී වෑන් රථ රියදුරෙක් ලෙස කටයුතු කල පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතයක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පලුගහමුල කඩේ, යාපනය පාර පුලියන්කුලම, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි එච්. ටී.ඩබ්ලිව්. සිසිර ජයලත් නමැති 65 හැවිරිදි පුද්ගලයෙකි.
එම විහාරස්ථානය දෙස සිට මාර්ගය වම් පස දෙසට මාර්ගය හරහා පාගමනින් ගමන් කරමින් සිටියදී, බට්ටා වර්ගයේ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ එම වෙළෙඳ සැල් හිමියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී බාහිර රෝගී අංශයේදී ජීවිතක්ෂයට පත් වූ බවද පොලිසියේ වැඩිදුරටත් සඳහන් කළේය.
මහනුවර යාපනය ඒ 12 මාර්ගයේ ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව, ඇගේ පියා මව සහෝදරයා තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වහමල්ගොල්ලෑව, යාය 5 ප්‍රදේශයේ පදිංචි එම. මෙතුලිකා නමැති 12 හැවිරිදි දැරියකි.
අනුරාධපුර දෙස මැදවච්චිය දෙසට ඉන්ධන රැගෙන ධාවනය වූ බවුසර් රථයක් සහ මැදවච්චිය දෙස සිට රඹෑව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එකි නෙක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රී රෝද රථයේ ගැටුණු තෙල් බවුසරය මාර්ගයේ ඉවතට පැන උඩු කුරුව පෙරලි ගොස් තිබූ අතර ත්‍රිරෝද රථයේ ගමන් කල එම දියණිය ජීවිතක්ෂයට පත්ව පියා බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.කැකිරාව පොලිස් වසමේ, උසාවි හන්දියේදී සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කැකිරාව සුධර්මාරාම පාර, පදිංචිව සිටි නාගහ මුල්ලේ ගෙදර ගුණරත්න නැමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd