
(සුජිත් හේවාජුලිගේ )
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවවාදාත්මක ලිපි යොමු කර ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.
වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 67කි.
වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකදීම ජුනි මස 30 වැනිදාට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට
බාර දිය යුතු වෙයි.
නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට දඩයක් හෝ සිර දඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවීමට බලය හිමි වී ඇත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ! නිකන් බයිලා නොකියා ඉන්නවද ප්ලීස්. පාර්ලිමන්ට් ජෝක්ස් අපි බලලත් තියනවා, අහලත් තියනවා.
පොඩි මිනිහෙක් කරානම් දඩ හා සිර දඩුවම දෙකම ලබාදෙන සහ මන්ත්‍රීවරුන් කරාම අවවාද ලිපි දෙන ස්වාදීන අල්ලස් කොමිසම
නම්ගම් නැති 30දෙනෙක්ද? අපේ එහෙම වුනා නම් අපේ එහෙම වුනා නම් නම් එක්ක දානවා.
අවවාදාත්මක ලිපි? වත්කම් දුන්නේ නැතුවට...නියමයි
බොහොම හොඳ ක්‍රියාවක් . එහෙනම් මුන් මේ අවවාද පිළිගෙන හොරකම් නවත්වා සතර පෝයට සිල් ගෙන බවුන් වඩා දිව්‍ය ලෝකයට යයි නේද?