කොළඹ - බදුල්ල මාර්ගය උඩුවරින් වහයි කොළඹ බදුල්ල මාර්ගයේ නාය ගිය උඩුවර පහේ කණුව ස්ථානයෙන් අද (10) පස්වරු හයෙන් පසු නැවත දැනුම් දින තුරු බර වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 10 December 2023
කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 December 2023
උගස් කඩයේ හිමිකාරිය ගහන්න ගිය ගේම අතේ පත්තු වේ රාගම නගරයේ ප්‍රසිද්ධ රන් භාන්ඩ උකසට ගන්නා ස්ථානයකින් රුපියල් එක් කෝටි 40 ලක්ෂයක පමණ වටිනා රන්භාන්ඩ මංකොල්ලකා පලා ගිය බවට රාගම පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ එම ස්ථානයේ හිමිකාරිය සහ කළමනාකාරිය ඇතුලු සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. 10 December 2023
හමුදා භටයන්ගේ ආරක්ෂාවට මිහින්තලයෙන් ඉවත් කළා ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට කණ්ඩායම් රාජකාරිවලින් අද (10) මුදාහරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය. 10 December 2023
බෞද්ධාලෝක මාවතේ තොරණ කඩාන වැටෙයි බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 10 December 2023
තැපැල පැය 48කට වැඩ නවතී තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩවර්ජනය අද (10) පස්වරු 4.00 ට ආරම්භ කළේය. 10 December 2023
උඩරට දුම්රිය අදත් අතරමඟ නවතින හැඩ උඩරට දුම්රිය මාර්ගයට හාලිඇළ - දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර දී අද සවස පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි. 10 December 2023
රාගම - වල්පොළ අතර දුම්රිය මාර්ගයට ගසක් වැටේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ එක මාර්ගයක් අවහිර වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. 10 December 2023
පාර්ලිමේන්තු සජීවී විකාශය පැය භාගයකින් පරක්කු කරන්න පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම පැය බාගයකින් පරක්කු කරන්නැයි කථානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් තමා ඉල්ලීමක් කළ බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 10 December 2023
විදුලිය බිඳවැටීමෙන් කෝටි 600 ක ආර්ථික හානියක් රටපුරා පැය 5 ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බවත් විදුලිය බිඳ වැටීමෙන් වැලැක්වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය වසරේ (2022) සැප්තැම්බර් මස නිකුත් කළ 10 December 2023
උඩුගම්පොල උකස් මධ්‍යස්ථානයක් කොල්ල කයි ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් උඩුගම්පොල - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධයක් පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් අබරණ පැහැර ගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 10 December 2023
ආබාධිත ප්‍රජාවට සතුටුදායක ආරංචියක් ආබාධිත ජනතාවට සාමාන්‍ය රියදුරු බලපත්‍රය මේ මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා තීරණය කර ඇත. 10 December 2023
අතුරුදන් වූ සිසුවියගේ සිරුර ගිං ගඟෙන් හමුවෙයි අතුරුදන්ව සිටි පාසල් ශිෂ්‍යාවකගේ මෘත ශරීරය කොළොන්න උල්ලිඳුවාව ප්‍රදේශයේ ගිං ගඟේ තිබි හමුවු බව කොලොන්න පොලීසිය පැවසුවේ ය. 10 December 2023
කොරෝනා නිසා පොලු තැබූ මිලියන 1989ක් ගෙවයි කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් මිලියන 1989.75 ක මුදල මේ මස 31 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 10 December 2023
අනවසර ඉන්දීය ධීවරයෝ 220 ක් නාවික හමුදා භාරයට මෙම වසරේ මේ දක්වා කාලයේදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා 33 ක් සමගින් ඉන්දීය ධීවරයන් 220 ක් භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසීය. 10 December 2023
ඝණ පූරණය නැතුව පාර්ලිමේන්තුව කල් තබයි වැට් බදු සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඝණ පූරණය නොමැති වීම නිසා පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබනු ලැබීය. 10 December 2023
වැට් ගහන ලැයිස්තුව ගැන වාදයක් ආණ්ඩුව වැට් බදු ගහන ලැයිස්තුව සිංහල භාෂාවෙන් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 December 2023
පාසල් ළමුන්ට මත්පෙති විකිණු අයෙක් දැලේ අනුරාධපුර නගරයට පැමිණෙන පාසල් ළමුන් පෞද්ගලික අමතර පන්ති සිසුන් ඇතුළු නගරයට පැමිණෙන තරුණ පිරිස් ඉලක්ක කර මත් පෙති විකුණූ , පෞද්ගලික ඔසුසල් සේවකයෙකු මත්පෙති තොගයක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 10 December 2023
පිළිකා කාරක අඩංගු සෝස් බහාලුම් තොගයක් විනාශ කරයි පිළිකා කාරක වර්ණක භාවිතා කරමින් නිසි ප්‍රමිතියෙන් තොරව නිශ්පාදන කළ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා සෝස් බහාලුම් තොගයක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් මත විනාශ කිරීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික කටුදම්ප මහතා පැවසීය 10 December 2023
කෝටි 10 ක රන් බත්තලන්ගුණ්ඩුව කළපුවෙන් හමුවෙයි බත්තලන්ගුණ්ඩුව කලපුවේ සගවා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් රත්රන් කිලෝ හතරක ප්‍රමාණයක් ධීවරයින් දෙදෙනෙකුද සමග අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව සමත්ව තිබේ. 10 December 2023
එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. 10 December 2023
වැට් බද්දෙන් උද්ධමනය සියයට දෙකකින් වැඩි වේ ඖෂධවලට, ආබාධිත උපකරණවලට, හාල් පිටිවලට තිරිඟු පිටිවලට එළවළු වලට පලතුරුවලට කිරිවලට, ගිලන් රථ සේවාවට වැට් බද්දක් අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 December 2023
මිහින්තලා පුදබිමෙන් හමුදාව ඉවත් කර ගනී මිහින්තලා පුද බිමෙන් සියලුම ආරක්ෂක හමුදා අද සිට ඉවත් කර කර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 December 2023
කිරි බවුසරේට වතුර කලවම් කළ දෙකක් මාට්ටු ප්‍රවාහනය කරමින් තිබූ කිරි බවුසරයකින් කිරි ලීටර් 100ක් පමණ ඉවත් කර ඒ් වෙනුවට වතුර කලවම් කිරීමේ ජාවාරමක නිරතව සිටි කිරි බව්සර් රියදුරෙකු සහ කිරි මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 10 December 2023
වන අලි පහරින් ගවපට්ටි හිමියා මරුට මංගලගම කෙවිලියාමඩු ගම්මානයේ සිවිල් ආරක්ෂක ගොවිපල සහ චොපර්ගල නැමැති ස්ථානයයේදී වන අලි පහරදීමකින් මියගිය බවට සැකකරන ගවපට්ටි හිමියෙකුගේ මළ සිරුරක් හමුවී ඇතිබව මංගලගම පොලිසිය පවසයි. 10 December 2023
විදුලිය බිඳවැටීම ගැන විශේෂ පරීක්ෂණයක් සමස්ත රට පුරාම ඊයේ (9) පස්වරුවේ පැය 5 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීම පිළිබඳව විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්ෂණයක පවත්වන බවත් ඒ සඳහා පසුව පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේදී පත්කරනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (10) පෙරවරුවේ පැවසීය. 10 December 2023
නොරොච්චෝලේ විදුලි නිෂ්පාදනය ඇණ හිටී නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි එම බලාගාර ආරංචි මාර්ග කියයි. 10 December 2023
සෝමාලි ජනපති පුතා අල්ලන්න වරෙන්තු සෝමාලි ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ්ගේ පුතු මොහොමඩ් හසන් චෙයික් මොහොමඩ් අත්අඩංගුවට ගැනීමට තුර්කිය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ. 10 December 2023
ගාසා වැසියෝ කුසගින්නේ සටන් විරාමය අවසන් වී, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් ඔඩුදුවද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ගෙන් හරි අඩක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 10 December 2023
ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් ඇමෙරිකන් ක්‍රොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතියකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට සූදානම් වෙයි. 10 December 2023
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026