
(ආර්.එෆ්.එම්.සුහෙල්)
කැලණි වැලි සමාගමේ පීඩෘ කර්මාන්ත ශාලාවට පසුගිය මැයි මස 30 වැනිදා බලහත්කාරයෙන් ඇතුළුවන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා අද නියෝග කළේය.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුලු සැකකරුවන් කැලණි වැලි වතු සමාගමට අයත් පීඩෘ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරන ලදැයි නුවරඑළිය පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කළේය.
අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිසට ඉදිරිපත් වන ලෙස ලිඛිතව දැනුම් දුන් නමුත් ඔවුන් කිසිවකු අධිකරණයට පැමිණ සිටියේ නැතැයි පොලිසිය කීවේය
කැලණි වැලි වතු සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ , ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලික සුභසිංහ මහතා සහ සුරේස් ගයාන් නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලබන 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති ජිවන්ට අධිකරණයෙන් නියෝගයක්
rattu Tuesday, 23 July 2024 08:31 AM
සාමකාමීව තිබුන වතුකරයට මේ තත්වය ඇතිකළේ ජේ.ආර් .ඒකයි ජේ.ආර් ට ශාප උනේ .
Perera Tuesday, 23 July 2024 10:36 AM
මේකාට හරියන අනිකා ඉන්නේ පුත්තලමේ .ඔහුත් අධිකරණය,නීතිය සත පහකට ගණන් ගන්නේ නැති විනයක් නැති අපතයෙක්