
(උපාලි ආනන්ද)
හබරන පොලිස් ස්ථානය ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් කොස්තපල්වරයකු වෑන් රථයක හප්පා මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර ව්‍යාපාරිකයකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා චූදිතයාට මරණීය දණ්ඩනය නියම කළේය.
හිඟුරක්ගොඩ සන්රයිස් ගාර්ඞ්න් හි ලීලාරත්න මහේස් ඉන්දික කුලසේකර නැමැති ව්‍යාපාරිකයකුට මෙසේ මරණ දඬුවම් නියම විය.
1998 වසරේ මාර්තු මස 29 දින හෝ ඊට ආසන්න දිනයක හබරන පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් මාර්ග බාධකයක රාජකරි කරමින් සිටි එස්. එස්. ආර්. ගුණරත්න නැමති පොලිස් කොස්තාපල්වරයා වෑන් රථයක හප්පා මරණයට පත් කළ බවට මෙම විත්තිකාර ව්‍යාපාරිකාට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුෙවි අධිචෝදනා ගොනු කර තිබිණ
විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විවෘත අධිකරණය අමතමින් කියා සිටියේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිළි පාර්ශවය සමත්ව ඇති බවයි
මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහාධිකරණයේ පැවති නඩු විභාගයේදී පරිවේෂණීය සාක්සි වැඩි වශයයෙන් උපයෝගි කර ගෙන මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් කොස්තාපල්ට මරණය ගෙනා ව්‍යාපාරිකයා පෝරකයට
Manjula Monday, 22 July 2024 07:38 PM
රටේ වදගත්ම තැනක ඉන්නේ OL යන්තන් ගොඩ දාගත්ත ණයට කල Art set එක. ඉතින් මේවා අවු 26 ගිය එක අහන්නත් දෙයක්ද