
(බී.ජි. චතුරංග)
රථවාහන ලීසිං සමාගමක අනුරාධපුර ශාඛාවේ විධායක නිලධාරියකු සිය නිවෙස බලා ගමන් කරද්දී බස් රථ දෙකකදීම නින්ද ගොස් යළි තවත් බස් රථයක් බලාපොරොත්තුවෙන් පාළු පෙදෙසක බස් නැවතුමක සිටියදී කොල්ලකරුවන් දෙදෙනකු පැමිණ ඔහුගේ ලක්ෂ 5ක් පමණ වටිනා රන් දම්වැල පැහැර ගෙන යාමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවේ.
සිද්ධියට මුහුණ දුන් තරුණ නිලධාරියා මැදවච්චියේ තම නිවෙසට අනුරාධපුරයේ සිට බස් රථයෙන් ගමන් කරමින් සිටියදී නින්ද ගොස් ගමනාන්තය පසු කර රඹෑව ප්‍රදේශයට ගොස් ඇත.
යළි ඔහු යාපනයේ සිට අනුරාධපුර බලා ධාවනය වූ බසයක නැග මැදවච්චියට ටිකට් පතක් ගෙන වාඩි වී ඇති අතර ටික වේලාවකින් යළි නින්ද ගියේය. මැදවච්චිය සිය ගමනාන්තය පසු කර ගොස් යළි අනුරාධපුරයට ආසන්නයේ පාළු පෙදෙසකදී ඇහැරි ඇති අතර කලබල වී යළි එම ස්ථානයෙන් බැස මැදවච්චියට යාම සඳහා බසයක් එනතුරු බලා සිටියදී එම බස් නැවතුමට පැමිණි දෙදෙනකු ඔහුගේ ලක්ෂ 5 කට ආසන්න රන්මාලය කොල්ලකා පලා ගොස් ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මෝටර් රථ ලිසිං සමාගමක විධායක නිලධාරියකු වන මැදවච්චිය, පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
රස්තියාදුවෙන් පසු යළි නිවෙසට ගමන් කිරීම සඳහා රාත්‍රී 11 ට පමණ රඹෑව වැලිඔය හන්දියෙන් මැදවච්චියට යාමට බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම්පොළ අසල සිටියදී පැමිණි දෙදෙනකුගෙන් අයෙකු ඇමැතුමක් ලබා ගැනීම සඳහා පැමිණිලිකරුගේ ජංගම දුරකතනය ඉල්ලා ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී විධායක නිලධාරියා ජංගම දුරකතනය සැකකරුට ලබා දීමට සැරසෙනවාත් සමග අනෙක් පුද්ගලයා පැමිණිලිකරුගේ ගෙල බැඳි රුපියල් 4,80,000 රන්මාලය කඩා ගෙන රඹෑව දෙසට දිව ගිය බව පැමිණිල්ලේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන
Thilak Monday, 22 July 2024 06:27 PM
අද අපේ රටේ සිදුවන දේවල් දැනදැන ඇයි මේ රත්තරං මාල ගෙන ඇවිදින්නේ?
Prabha Monday, 22 July 2024 06:34 PM
ලීසින් සමාගමක්නේ..., කවුරුත් දුක් වෙන එකක් නෑ...
Dgsiriwardana Tuesday, 23 July 2024 05:49 AM
මේ රටේ පවතින දූෂිත හා බිහිසුණු සමාජ තත්ත්වය තේරුම් ගත්තෙ නැති මෝඩ පුරවැසියන් තාම ඉන්නවා.
sam Tuesday, 23 July 2024 06:57 AM
අහිංසක මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් අයකර ගත්ත සල්ලි වලින් ගත්ත මාලයක් .ඒකයි ස්වභාවධර්මය දඬුවම් දීලා තියෙන්නේ