
(අංජුල මහික වීරරත්න)
ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය.
මොරිසන් මහතා මේ බව කීවෙි Geopolitical Cartographer" විසින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධානය කරන ලද කතිකාවතකට එක්වෙමිනි. "ඕස්ට්‍රේලියාව සහ ඉන්දියන් සාගරය" යන මැයෙන් මෙම කතිකාවත පැවැත්විණි.
ඉන්දියන් සාගර කලාපයේ රටවල් තම ජාතික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, බලහත්කාරයෙන් හෝ ඔවුන්ගේ ස්වෛරීභාවය පිළිබඳ ගැටලුවකට තුඩු දිය හැකි ආකාරයේ විධිවිධානයන්ගෙන් වැලකී සිටිය යුතු බවත් ස්කොට් මොරිසන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන , හිටපු කථානායක කරු ජයසූරිය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ලලිතා කපූර් ( Lalita Kapur), ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු ටර්ගට් (Semih Lütfü Turgut), ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කත්සුකි කතරෝ (Katsuki Kotaro), ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ධූත මණ්ඩල ප්‍රධානී ඩග්ලස් සොනෙක් (Douglas Sonnek) මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය සාගර කලාප රැකවරණයට ඕස්ට්‍රේලියා සහය
සත්‍යපාල Monday, 22 July 2024 09:20 PM
ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් කියන්නේ ජල්තරකාරයෙක්. කෝවිඩ් කාලයේ හිටපු අගමැති විවිධ වංචනික ක්‍රියා නිසා ජනතාව ඔහු අන්ත ලෙස පරාජය කර ගෙදර යැවුවා. ඔය එන්නේ චීනෙට විරුද්ධව යුද්ධයක් වුණොත් අපිත් ඒකට පටලවාගන්න.අලි පෙම් කෙලිනකොටත් අලි සටන් කරනකොටත් පොඩි වෙන්නේ තණකොල.