IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

 (නිමල කොඩිතුවක්කු)

පොලිස් නිලධාරීන් හා පොලිසියේ සම්පත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාව වෙත  පැමිණිලි  කළේය.

ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරමින් පවත්වන වැඩමුලුවක් සඳහා යැයි පවසමින් ප්‍රජා පොලිස් උපදේශක කමිටු සාමාජිකයින් දිස්ත්‍රික් මට්ටමින්  මැතිවරණ ප්‍රචාරණ උපක්‍රම  ලෙස පවත්වන වැඩසටහන් සඳහා සංවිධානය කරමින් සිටින බව පවසමින් සමගි  ජන බලවේගයේ  මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය

.දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන මෙම වැඩසටහන් මාලාවේ ඉදිරි වැඩසටහන් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ඉදිරි දින වලදී පැවැත්වීමට නියමිත බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

සමගි ජන බලවේගී මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතාට මේ බව ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 



අදහස් (2)

සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සුගත් දිසානායක Monday, 22 July 2024 04:54 PM

මෙයාලා කරන්නෙත් ඒකම තමයි. සුහුරු පන්ති කාමර අස්සේ ඉස්කෝල වලට රිංගලා දේශපාලනය කරනවා. මේ ගැනත් බලන්න ඕනෑ..

:       0       10

Bunny Preena Tuesday, 23 July 2024 10:34 AM

රාහු කාලය මග හැරලාද දන්නේ නැහැ මෙතුමා පැමිණිල්ල භාර ගත්තේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site