
(අංජුල මහික වීරරත්න)
ලබන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 2000ක කීරි සම්බා වගාව ව්‍යාප්ත කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙවර කුඩා හා මධ්‍යම සහල් මෝල් අයිතිකරුවන් මගින් වී මිල දී ගැනීම රජයේ වැඩ පිළිවෙළ බව කී අමාත්‍යවරයා ඒ සඳහා ඔවුන්ට රුපියල් මිලියන 25 සිට 50 දක්වා වූ ඔඩපන ණය මුදලක් රජය ලබා දෙන බව සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ණය ගන්නේ නැතිව මණ්ඩලය සතු මුදලින් වී මිල දී ගන්නා බව කී අමරවීර මහතා මේ නිසා පසුගිය කන්න දෙකෙදීම වී අලෙවි මණ්ඩලය ලාබ ලබන තත්ත්වයට පත් කරන්නට හැකි වූ බව සඳහන් කළේය.
මෙවර ද වී අලෙවි මණ්ඩලය ඔවුන් සතු මුදල් වලින් යම් වී ප්‍රමාණයක් මිල දී ගැනිමට කටයුතු කරනව බවද අමාත්‍යවරයා පැවසීය.
වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කුඹුරු අක්කර 500ක ආරම්භ කළ කීරි සම්බා වී වගා ව්‍යාපෘතියේ අස්වනු නෙලීමෙි ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අගුණකොළපැලැස්ස අලුත්වැව කුඹුරුයායේ දී අස්වනු නෙලීම ඇරැඹිණි.
වී අලෙවි මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ගොවි බාරකාර අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ගොවීන් 300කට අක්කර 500ක වගා කිරීම සඳහා කීරි සම්බා බීජ වී හා අනෙකුත් කෘෂි යෙදවුම් නොමිලයේ ලබා දීමට පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්, නමුත් අමතක නොකර පිදුරු ටික තමන්ටත් ටිකක් තියාගෙන මැදමුලනටත් යවන්න. එයාලත් ආස ඇති කීරි සම්බා පිදුරු වලට...