(ගයාන් සූරියආරච්චි)

ගල්කිස්ස  දුම්රිය මාර්ගය අසල තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ 2 ක් සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු එම බෝම්බ දෙක දැක පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් එම බෝම්බ දෙක සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම බෝම්බ දෙක අබලන් තත්ත්වයේ පවතින අතර මීට වසර කීපයකට පෙර එම බෝම්බ දෙක කිසියම් පුද්ගලයකු එම ස්ථානයේ සඟවන්න ඇතිබවට පොලිසිය සැක පළකරයි.එම බෝම්බ දෙකෙහි පින් දෙක ද කැඩී ඇති බව පොලිසිය පවසයි.