
(සුජිත් හේවාජුලිගේ)
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා කැඳවෙන දිනය කොමිෂන් සභාව දැනටමත් තීරණය කර ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණය තියෙන දිනය සහ නාම යෝජනා කැඳවන දින දන්නවා නං, ඇයි පවසන්න බැරි? මිනිස්සු පුලපුලා බලාගෙන ඉන්නේ ඡන්දේ පකාශ කරල වෙනසක් කරන්න .
දින තීරණය කරලත් ඉවරනම් තව තටමන්නේ නැතිව සඳුදාම ගැසට් එක ගහන්නකො
හැබෑද මුන්නැහෙලත් නැකතක් එනකම් ඉන්නවා කියන්නේ . ඒක සත්‍යක් නම් අපි කවදාද මිථ්‍යා අන්ධකාරය පිරි අඳුරු ගුහාවෙන් පිට වෙන්නේ?
දින නියම කරලා ඉවරනම් ඕක ප්‍රසිද්ධ කරලා දමන්න , රටේ ජනතාව ඇවිත් ඔය කොමිසමේ කාර්යාලය වටකරනතුරු ඉන්න ඕනෙද ඕක ප්‍රසිද්ධ කරන්න , පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාගෙන නිකං අනවශ්‍ය ප්‍රශ්න හදන්න එපා , අපේ ප්‍රජාතාන්ත්‍රික ඓතිය හැල්ලුවට ලක් කරන්න එපා ,
මහත්මය විකාර කතා කරන්න එපා ,ආණ්ඩුක්‍රම වියවස්තවේ කියල නැහැ නැකත් බලන්න කියල , ඔය රස්සාව ඉතා භාරධුර දෙයක් , හරියට කරන්න බැරිනම් ඕක භාරගන්න හොද නැහැ , පොඩ්ඩ වැරදුනොත් වසර 20-30 හිරේ යන්න පුළුවන් ,ලෝකයේ බොහෝ රටවල මිනිස්සුන්ගේ චන්ද ඓතිය ඉතා ඉහලින් ආරක්ෂා කරනවා , අපේ ගරු අධිකරණයත් ඉන්නේ ඉතා විමසිල්ලෙන් , ලේන්නු දමල නිතිය නමන්න හැදුවට ගරු අධිකරණෙ කෙලින් තීන්දු දීල ජනතාවගේ චන්ද ඓතිය ආරක්ෂා කරලා දුන්න , මේ ප්‍රශ්නෙදි පිස්සු නටල නිතිය නවන්න හැදුවොත් ගරු අධිකරණය විසින් ඔබලාව උපරිම දඩුවමකට යටත් කරන බව මට 100% විශ්වාසය . ඊට පස්සේ හිරේ ඉන්නකොට දින ගණන කර කර ඉන්න පුළුවන් . හොඳම දෙය ඉක්මන් දිනයක් යොදාගෙන පිරිසුදු චන්දයක් තියල , ජනතාවගේ සහ අධිකරණයේ උදහසට ලක් නොවී සිටින එක .
මනුස්සයෝ... තටම තටම ඉන්නේ නැතිව ඕක ප්‍රකාශ කරන්නකෝ... නියම පිරිමියෙක් වගේ. ගොඩක් තනතුරුවල ඉන්න නපුංසකයෝ නිසා තමයි රටේ විනයක් නැති වෙලා තියෙන්නේ...!