(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොහු තොගයක් ප්‍රවාහනය කළ  ලොරියක් විදුලි රැහැනක පැටලීමත් සමග ගිනි ගැනීමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

විදේශ රටකට කොහු අපනයනය කරනු ලබන මහා පරිමාණ කොහු ව්‍යාපාරීයකුට අයත් කනමුල්ල කර්මාන්ත ශාලවේ සිට ගබඩාව දක්වා ඇති විරුතෝඩේ ගබඩාව දක්වා ගමන් කරමින් තිබු මෙම ලොරි රථය කනමුල්ල අතුරු මාර්ගයෙ සිට ප්‍රධාන මාර්ගයට දැමිමට යාමේදි කොහු ලොරිය  ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති බව කියයි.

කොහු ලොරිය අධික උසකින් යුක්ත විම හේතුවෙන් මෙලෙස විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති අතර ඒ සමග ගිනි ගැනිම සිදුව ඇති බව කියයි.

කෙසේ නමුත් ලොරි රථය විදුලි රැහැන්වලින් ඇදි මාර්ගයට පැමින ඇතත් ගිනි ගැනිම නොනවත්වා පැවතිමත් සමග ගින්න සම්පුර්ණයෙන් පැතිරි ගොස් ඇති බව කියයි.

ලොරි රථයෙ රියදුරු හා සහයකයා ලොරි රථයෙන් ඉවතය පැන ජීවිත බේරා ගැනිමට සමත් වි ඇති බව කියයි.

ගින්න හේතුවෙන් කොහු තොගය හා ලොරිය සම්පුර්ණයෙන් පිලිස්සි විනාශ විම හේතුවෙන් රුපියල් ලක්ෂ 40 අධික හානියක් සිදුව ඇති බව කොහු ව්‍යාපාරීකයා පවසයි.