
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි 11 දෙනකු නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර අත්අඩංගුවට ගෙන ඇත.
එම රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් පිරිසක් මැණික් ගරමින් සිටින බවට නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙහෙයුමක් දියත් කර සැකකරුවන් සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, මෙම මැණික් ජාවාරම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් මෙහෙයවා ඇති බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd