(කාංචන කුමාර ආරියදාස)

ස්විස්ටර්ලන්තයේ ​සිට මෙරටට පැමිණ  රංගිරි දඹුලු රජමහා  විහාරය නැරඹීමට පැමිණ ගලක්  මත අමතක වී ගිය ජංගම දුරකථනය  බස් රථ රියදුරෙකු විසින් ඇයට ලබාදීමේ සිද්දියක් අද (20) දින පස්වරුවේ වාර්තා විය.

ස්විස්ටර්ලන්තයේ සිට  ලංකාවට පැමිණි ඇය තම ජීවිතය බඳු හා ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටි බවත් ලංකාවේ ජනතාවට තමයි හදවතින්ම ස්තුතිය පළ කරන බව පවසන්නීය.

මෙම අපූරු සත් ක්‍රියාව සිදුකරනු ලැබ ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ආ  කුලියාපිටිය  ගොමුගමුව ප්‍රදේශයේ පදිංචි වජිර ජයමුණි  නැමති රියදුරු මහතෙකි.

ජංගම දුරකථනයෙන් ගලක් මත අමතක කොට නැවත හෝටලයට ගොස් ජංගම දුරකථනයේ හිමිකරු බවට පත්වූයේ  ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට පැමිණ සිටි යොහානා නැමැති කාන්තාවකි.

විදේශීය කාන්තාව රංගිරි දඹුලු රජමහා විහාරයට අයත් උයන්වත්ත පුරාණ රාජමහා  විහාරයේ රථ ගාල  ආසන්නේ බැම්මක් මත වාඩිවී සිටි  නැවත ඇය නැවතී සිටි  හෝටලයට ගොස් තිබේ.

පසුව ඇය තම ජංගම දුරකථනයෙන් අතුරුදන් වී ඇති බව හෝටල් හිමියාට පවසා තිබේ. තමන්ට තම  ජංගම දුරකථනයේ අංකය ද මතක නැති බව පැවසීමත් සමඟ හෝටල් හිමිකරු විසින් පොතක ඇයගේ ජංගම දුරකථන අංකය සටහන් කොට තිබීම නිසා එම අංකයට ඇමතුමක් ලබාගෙන ඇත .එම ඇමතුම ලබා ගන්නවත් සමඟ ජංගම දුරකථනය  සොයාගත් රියැදුරු මහතා ඇමතුම  ලබා ගන්නවත් සමඟ දුරකථනය විසන්ධි වී ඇත .

එම රියදුරු මහතාගේ දුරකථනයෙන් ලැබුණු ඇමතුම් අංකයට නැවත ඇමතුමක් ලබාගෙන තමන් සිටින ස්ථානය පිළිබඳව දැනුම් දී සංචාරක හෝටල් හිමියා ද සමඟින් මෙම කාන්තාව  රථ ගාලට ගෙන්වා දුරකථනය හිමි කාරිනියට ලබාදීම සිදු කර ඇත .

මෙම විදේශීය කාන්තාව දැඩි ලෙස සතුටට පත්ව කියා සිටියේ තමන් පළමුවරට ලංකාවට පැමිණි බවය. තම ජීවිතය බඳු වූ ජංගම දුරකථනය නොමැති වීම පිළිබඳව අපහසුතාවයට පත් වූ බවත් කෙසේ වෙතත් ලංකාවේ ජනතාව ඉතා හොඳ ජනතාවක් බවත් ඇය ඉතා සතුටු වන බවද සඳහන් කළාය.