
(ටී.කේ.ජී.කපිල )
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට අද(21 ) පැමිණෙමින් සිටි අසංක අබේගුණසේකර මහතා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
අසංක අබේගුණසේකර මහතා හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන අතර හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයෙකු බව ද සදහන් වේ .
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩු කටයුත්තට අදාළව මෙම ගුවන් ගමන් තහනම පනවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
අද අලුයම 03.19 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් මුළින්ම අත් අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුත් ඇමෙරිකානු පුරවැසියෙක්. ද්විත්ව පුරවැසිකම තියාගන්නේ ප්‍රතිලාභ ලබා ගැනීමට මේ අය කොහොමත් බදු වංචාකාරයෝ.