(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවීමට තීරණය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු මෙරට ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ඉහළ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජන ඇති බවට විදෙස් බුද්ධි සේවා අනාවරණය කර ඇති බව සඳහන් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ නීතිඥ තිසත් විජේගුණවර්ධන මහත්වරුන් පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.
මේ අනුව කතානායකවරයා පොලිස්පතිවරයා කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී පොලිස්පතිවරයා පැවසුවේ තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් පතිට බැරි නිසා ජනාධිපති තුමා කමිටුවක් පත් කලා එමනිසා වාර්තා අවශ්‍ය නැතිව යුක්තිය කරගෙන ඉන්න
අපේ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව අපි බලාගන්නම් එයාලාට තියන ලොකුම ආරක්ෂක තර්ජනය කමයි රනිල්
පිස්සුද ඕයි. කාටවත් එහෙම තර්ජනයක් නැ ඒවා මැතිවරණ කොමසාරිස් බලා ගනියි. රගදෙන්නේ නැතුව ඉන්න
බොහොම හොදයි බොහොම හොඳයි .
මේ ඡන්දෙදි වැදගත් ජනපති අපේක්ෂකයා නොව පක්ෂයේ සහ කණ්ඩායමේ දේශපාලන මතවාදය , අපේක්ෂකයා මැරුනොත් පක්ෂේ ඉදිරිපත් කරන දෙවෙනියට විශාල අනුකම්පා චන්ද ප්‍රමාණයක් වැඩිපුර ලැබෙනවා , එමනිසා කවුරු කවුර්ත් අප්ක්ෂකයෝ මරණ අදහස අතරගන්න
ලොක්කා දැන් ඡන්දෙන් පස්සේ හැංගෙන්න තැනක් හොයාගත්තාද?