අන්තරේ කැඳවුම්කරුට - සරසවි සිසුවාට ඇප
නීති විරෝධී රැස්වීමට සමාජිකයින් වී සාමය කඩවන අයුරින් ක්‍රියාකර පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරකම් සිදු කළේ යැයි අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු හා සබරගම විශ්ව විද්‍යාල සිසුවා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අද(07) නියෝග කළේය.