
(ටී.කේ.ජී.කපිල )
ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය අද (01 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර ජල ආචාර පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
උදෑසන 09.20 ට ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 68 මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13 වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදරයෙන් පිළිගනිමු.
ජයවේවා සුබ පෙරනිමිති. සතුරන්ගේ අඳෝනා වලට නිසි පිළිතුරු ලැබෙමින් පවතියි. හාල් පොල්වලට එහා ලොවක් ඇති බව 14 වෙනිදාට බොහෝ අයට වැටහෙනු ඇත.
මේ ඉඩලවෛස් කියන ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් මම පසුගිය ගිය වසරේත් ලංකාවට ගිය, මෙම ගුවන් සේවය ලංකාවට ස්විට්සර්ලන්තයේ ඉඳන් පියාසර කලා, මේ සේවය ලංකාවට අලුත් එකක් වෙන්නේ නැහැ. සමහරවිට ලංකාව සහ සුරිච් අතර සේවය මාස කීපයක් නවතාල තිබිලා අලුතින් පටන්ගත්තාද දන්නේ නැහැ. කොහොම නමුත් මේක ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඉතා වැදගත්.., මේ සේවය සාධාරණ මිලකට හොඳ සේවයක් සපයනවා..
පටන් ගත්තා විතරයි... ජයවේවා..!