
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් නීතිපතිවරයාට යොමු කර නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම යෝජනාවේ අධිකරණ කටයුතුවලට බලපාන කරුණු ඉවත් කර නැවත බාරදෙනු ඇතැයි අාණ්ඩු පක්ෂය අපේක්ෂා කරයි.
විශ්වාසභංග යෝජනාවේ අධිකරණ කටයුතුවලට අදාල කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමට නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
මේ අතර මෙම යෝජනාව විවාදයට ගැනීමට අවශ්ය කටයුතු නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගයේ මන්ත්රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(20) ප්රශ්න කළේය.
කතානායකවරයාට එරෙහිව සමග ජන බලවේගය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාවට විවිධ චෝදනා පනහක් ඇතුළත්වේ. පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට විශ්වාසභංග යෝජනාවකට වැඩිම චෝදනා සංඛ්යාවක් ඇතුළත් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
මේ අතර චෝදනා කීපයක් සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd