
(රෝෂන් තුෂාර)
බස් රථවලට වාසියක් සැලසෙන ආකාරයට ගමන් වාර වේලාව සටහන් කරදීම සඳහා බස් රථයකින් රුපියල් සියයක (100) අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ගම්පහ ප්රාදේශීය කාර්යාල වේලා සටහන්කරු ලබන 27 දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ කොළඹගේ වසන්ත දීපාල් පෙරේරා නමැත්තෙකි
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ රද්දොළුගම සිට කොළඹ දක්වා ධාවනය කරන බස් රථයකින් රුපියල් 100 අල්ලසක් ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සිටි කුටියේ පෙට්ටියක තිබී රුපියල් 5600 සහ තවත් රුපියල් 5000ක මුදලක් අත්අඩංගුවට ගත් බවද පැවසීය. විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිතය බන්ධනාගාරගත කරන ලෙසද ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර අධිකරණයට යමක් පැවසීමට ඇත්දැයි මහේස්ත්රාත්වරයා විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබා දුන් සැකකරු කිසිවක් කීමට නොමැති බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd