(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
ඔහු මේ බව පැවැසූවේ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩුකිරීමට එරෙහිව රොස්මිඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා කියා සිටියේ මේ රටේ තිස් වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා ලබාදී ඇත්තේ ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් බවද කී ගමගේ මහතා ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සලසා දෙනුයේ ත්‍රිරෝද රථයකින්දැයි ප්‍රශ්න කළේය.
මෙරට වැඩිම තර්ජනයක් ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරනුයේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මනදොළ පිනවීමට දැයි ඇසූ ගමගේ මහතා කියා සිටියේ කිසියම් පිරිසකගේ උවමනාව මත හිටපු ජනාධිපතවරයාගේ ආරක්ෂාව අඩුකර ඇති බවය.
2020 මාර්තු මස 19 වැනි දින නිසි ආරක්ෂක තක්සේරුවක් මගින් ගත් කැබිනට් තීන්දුවකින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ අතර ජනාධිපතිවරයා හෝ කිසියම් අයකු විසින් පත්කරන ලද අනු කමිටුවක් මගින් කැබිනට් තීරණ වෙනස් කිරීම නීති විරෝධී බවද නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි හොරාට ආරක්ෂාව තවත් අඩුකරන්න ඕනා. ෆුට් බයිසිකල් දෙකක, පොලිසියේ පැන්ෂන් යන්න කිට්ටු රාලහාමිලා දෙන්නෙක් , බැටන් පොලු දෙකක් එක්ක දෙන්න ඒ ඇති. ඔයා නාකි හැමෝම දැන් මරන්න දෙයක් නැහැ. ඕකා 3/4 ම මැරුණ මලමිනියක් දැන්. ඔය චන්ඩියෙක් කියනවා සුනාමියාගේ මවිලකටවත් හානියක් වුනොත් බලාගන්න පුළුවන්ලු. ඇයි තමුසේ මොනවා කරන්නද ?
කුලියට කහින මෙයා. මහින්දගේ තියෙන මවිල් ගාන ගැන දන්නවද? මහින්ද මහත්තයගේ වයසත් එක්ක, එක මවිල් ගහක් නිකම්ම වැටුණත්, මෙයා මාධ්‍ය සාකච්ඡාවක් තියයි වගේ. අනේ අපොයි...!!!
මයිල් හැලිච්චි මිනිහෙක්ගේ මොන මයිලකට හානි වෙන්නද මහත්තයෝ..? බංකොලොත් දේශපාලනේ ඔයාලාට උඩ පනින්න තව වැඩි දවසක් ඉඩ ලැබෙන්නේ නෑ...!
ඔයාට බැරිද මවිල් ටික බාන්න... ?
තිස් වසරක යුද්ධය ඉවර කලේ ෆොන්සේකා මහත්තයා, මේ යෝධයා කලේ යුද්දේ දිනපු අයිතය සින්නක්කර ලියාගෙන රටේ සාරය පවුල් පිටින් උරාබිපු එකයි. ජනාධිපතිවරණයේ මිනිස්සු උගැන්නුවා පුතණ්ඩියාට පාඩම. මයිල් ආරක්ෂා කරගෙන ඔහේ ඉන්න, මිනිස්සු ඔය අපතයා කවුද කියලා දැන් හොඳට දන්නවා...
හොරකම් කරපු සල්ලි වලින් බැරිද ආරක්ෂාව තරකර ගන්න? අහිංසක මහජනතාවට බර නොයොදා...!
සද්දෙට බුරනවාට වඩා වෙන මොනා කරන්නද බන්...? අනික, කවුද ඇවිදින මළ මිනියකට හිරිහැර කරන්නේ..? කන මස් කට්ටක් කාලා, අපිට පව් නොදී ඉන්න...!!
ඔයා පොරක්ද? නීතිඥකම පහත් තත්වයට ගෙනාපු ඔයා වගේ අය කියන ඒවා ගණන් ගන්නේ නෑ... ඔය මිනිහා මරන්න මේ රටේ මොලයක් තියෙන කෙනෙක් එන්නේ නැහැ. රටට සේවයක් කරා නම් ඇයි ජනතාවට බය වෙන්නේ...?
මෙන්න අලුත් පොරක්. නීතිය නම් හැමෝටම සමානයි. ඔය කෙඳිරිලි වලට බය නායකයෙක් නෙවෙයි දැන් ඉන්නේ. කොන්ද පණ තියන, කෙලින් වැඩ කරන හැමට සමානව සලකන නායකයෙක්.
මහින්දගේ ආරක්ශාව තියෙන්නේ වාහන අතේද? ඇයි අර පිනට කන... පුත්තු තුන්දෙනෙක් ඉන්නේ. මිනිමරුවෝ ඉන්න පව්ලකට... ආරක්ෂාව මොකටද? යුද්ධය නතර කෙරුවේ...! හමුදා නිලධාරින් මිසක්. මහින්ද ගෝඨාභය නෙමේ... මේ ගොල්ලෝ කෙටුවේ රටේ සම්පත් හොරා කාළා. පිටරටයි දරුවන්ට පටවපු එක.... මාලිමාව කියපු විදියට නීතිය කාටත් පොදු නම් මොවුන්ගේ මුලු පරම්පරාවම ඉන්න ඕනෑ අද හිරගෙදර අද නැත්නම් මැතිවරණයෙන් පසුව හරි...
මහින්දගේ මයිල් ගලව ගලවා හිටපු අය.
මවිල් ආරක්ෂා කිරීම ඔබේ යුතුකමකි!
මවිල් වලට හානි වෙනවාට බය නම්, මවිල් බාලා තියන්න. ආරක්ෂකයින් දීලා වැඩක් නැහැ...!
මහින්දට මොනවා හරි කළොත් කරන්නේ ඔයාලා සෙට් එකම තමයි. ඒක පිටින් දාලා නැවත බලයට එන්න. බලයට තියෙන තණ්හාවට...!
දියේ ගසාගෙන යන දැරියක් බේරාගෙන ඇයව දූෂණය කරන්නා අපරාධකරුවෙක් නොවේද? ඔය කියන විදියට මහින්ද රාජපක්ෂ කලේත් එවැනිම අපරාධයක් නේද? යුද්ධය ජයග්‍රහණය කළා. පිළිගනිමු. ඉන්පසුව රට මුල සිට අගටම කොල්ලකෑම දිගටම කළා... පවුල් ගහක් රටම සූරාකා බංකොළොත්බව ලැබූවා. අපරාධ කරුවෙක් නේද? මවිලක්වත් රටට ඕනෑද?
මට පේන්නේ මොවුන්ට මහින්දගේ මයිල් ගානට ආරක්ෂකයෝ ඕනෑ වගේ. මේ වගේ ගොන් හැත්තක් එක්ක හිටගන්න අයට පුදුම මොලයක් ඇත්තේ... මහින්ද මේ රටේ ආරක්ෂාව තහවුරු කළා නම්, මිනිහාට මොකටද තව ආරක්ෂාව. මේවා ශෝක් ජෝක්...
තව මොනවා හැලෙන්නද? එයාගෙ මවිල් හැලිලා ගොඩක් කල්...!
බල්ලට බෙහෙත් ගහපුවාම මැක්කෝ තමයි මුලින්ම දඟලන්නේ.
නාකි මයිනාට ත්‍රිරෝද රථයකුත් වැඩියි බොලං..!
මනෝජ් ගමගේ, හො.ම.ත.ග.යු. දැන් මහින්දගේ මයිල් හැලෙන කාලෙලු. එහෙම හැලෙන සියලු මයිල් ඔබලා කට්ටිය එකතුවෙලා අල්ලගන්න ඕනෑ. එක මයිලකටවත් හානි වෙන්න දෙන්න එපා පනේ.
එතකොට අපි මයිල්ගස් දෙකක් හිටවනවා.
ඔය මනුස්සයාට ඔච්චර ආදරේ නම් එක තැනකට වෙලා ඉන්න කියන්න. සභාවලට ගෙන්වලා මීඩියාකාරයින්ට වොයිස්කට් දීලා විහිළු කාරයෙක් නොකර. එකෙන් ඔය මනුස්සයාට වෙන හානිය පහදලා දෙන්න. මීඩියා කාරයෝ ප්‍රචාරය කරන්නේ එතුමාගේ කටින් පිටවෙන වැරැදි වචන විතරයි.
හැටක් දීලත් මදිනම් බංකර් එකකට වෙලා ඉන්න කියන්න.
අපේ මහින්ද අප්පච්චි වගේ කිසිම කෙනෙක් මේ ලංකාවේ නෑ අපිට හුස්ම ටික ලබාදුන් අපේ අප්පච්චිට අපි සදා ණය ගැතියි.. ලංකාව පාලනය කළ හැක්කේ මොවුන්ටම පමණයි. අපි හැමදාම ආදරෙයි අපේ අප්පච්චිට...
මේ පාර ලැබිච්චි එකවත් නැති වෙයි..
උඹ උගේ ගෙදර ගිහින් නැවතියන්. මූත් සුනාමියගේ චක්ගෝලයෙක් ද? ජනතාවනී මූට එක ඡන්දයක්වත් දෙන්න එපා. මූත් පට්ට හොරෙක් වෙන්ඩ ඇති මෙච්චර දගලන්නේ.
මහින්දගේ මයිල් ගස් ආරක්ෂා කලොත් ඇද්ද අපිට. හිගාකන්න සලස්වලා තවත් අපෙන්ම ජිවත්වෙන්න හදන්නේ මහින්දගෙන් ජිවත් වුණ උන්ට තමා රිදිලා තියෙන්නේ හිටපු නායකයෙක් නිසා ඔහොමවත් වරප්‍රසාද දීලා තියෙන්නේ යුද්ධයට නායකත්වය දුන් නිසා ජනතාව දීලා තිබුණු ගෞරවය රාජපක්ෂ පවුල එකතු වෙලා මේ රට කාලා නැති කර ගත්තා තොපිට අපි හිගා කාලා හරි උන්ට සැප දුන්නොත් ඇති නේද?
මහින්ද ලඟ ආරක්ෂාව අඩු කරන්න කියලා තමයි NPP එකට බලය දුන්නේ ජනතාව. මහින්දට ගොඩක් ආරක්ෂාව දෙන්න කිව්වේ මේ රටේ ජනතාවගෙන් සියයට දෙකයි. දෙන්ඩ එපා කියපු ගාණ සියයට හතළිස් හතයි.
මහින්දට මෙච්චර ආරක්ෂාවක්? කුමක් සඳහා ද? එවැනි දෙයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට බරකි. අනවශ්‍ය වියදම් කපා හැරීම වත්මන් රජය ගත් ඉතා හොඳ පියවරකි. මහ මැතිවරණයෙන් පසු නව රජය අනවශ්‍ය වියදම්වලට සීමා පනවා යහපත් ශ්‍රී ලංකාවක් අපේක්ෂා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ආ,,, අනේ පලයන් ජඩයා යන්න ඇයි උඹ මොනොව කරන්නද.? පාස්කු ඉරිදා මැරුව මිනිසුන් මිනිස්සු නොවේද?
2019 කළ තක්සේරුව දැන් 2024 අග භාගයනේ. විධිමත් බුද්ධි අංශ වාර්ථා තක්සේරුවකින් අවශ්‍ය ආරක්ෂාව සුදුසු අයුරින් ලැබේවි. නමුත් පෙරකළ පින් බලවත් ඇති නැතිනම් සැබෑවටම යුද්ධය මෙහෙය වූ එවකට ජෙනරාල් සරත්ෆොන්සේකාගේ නිලඇඳුම ගලවලා බලු කුක්කෙක්වගේ ඇදගෙන ගිහිල්ලා කැලෑ උසාවියෙන් නඩු අහලා සිපිරිගෙට දැමීමේ මහා පොළොව නුහුලන අපරාධයේ දිට්ඨ ධම්ම වේදනීය විපාකය නම් දහමට අනුව ලැබිය යුතුමයි...!
අපි ඔය මයිල් ටික පරිස්සමෙන් බාලා සේප්පුවක දාල ඒකට කොමාන්ඩෝ ආරක්ශාව දෙමු. වාහන ත්‍රීවීලර් ඕනත් නෑනේ...
මහින්දගේ මවිල් හිටවපන් මුලින්ම. මූ මවිල් ගහ ගැන කියවනවා. මහින්දලා මිනිස්සු මැරුවා අතුරුදහන් කරා. රට විනාශ කරා. උන් මේ රටේ ජීවත් උනේ මහජනතාව වහල්ලු කියලා හිතාගෙන. අයතා ලෙස උපයා ගත් හැම සතේම උන්ගෙන් අරගෙන උන් පාරටම ඇදලා දාන්න ඕන.
අර එකෙක් කපුටු තට්ටක් ගැන කට මැත දොඩවලා අන්න පුප බිම ඇනගෙන ඉන්නවා.. ඔහේ මෙතන මයිල් රකින්න පොලවෙ හැපෙන්නෙ මොකෝ?? ගෙදර අරන් ගිහින් කූඩුවෙ දාලා ඇති කරහන්කෝ මචං අපෙ මොනවා වෙනවද බලන්න.. මයිල් සේරම කරඬුවක දාලා දැං අල්ලපන් කැමති නං..
රටම හොරාකාලා කාබාසිනියා කරපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිතයින්. සදහටම හිරගෙදර ඉන්න ඕනෑ කෙනෙක්.
මහින්දට මයිල් ආරක්ෂකයෝත් ඉන්නවා කියලා දැනුයි දන්නේ.
රාජපක්ෂ පවුලේ හැතිකරය ගිහින් දාන්න ඕනේ මුහුද මැද්දට... මොවුන්ගෙන් රටට කිසිම ප්‍රතිඵලයක් නැහැ. රටේ ජනතාවගේ මුදල් නාස්තිය විතරයි.
මෙයාව ගිහින් මූද මැද්දට දාන්න. මයිනාව හොඳ මෝරුන්ට කෑමට.. රටේ දුප්පත් ජනතාවගේ සල්ලි කාබාසිනියා කරන මේ අයමයි මුහුදට දාන්නම ඕනෑ..
මැක්කෝ හැංගෙන්නේ බල්ලන්ගේ මවිල් අස්සෙනේ... ඒකයි මේ කලබල...!
වැලිකඩ රට උළු ගෙදරට දැම්මොත් නම්, රට හෝදා පාළුවට පත්කර, ඔවුන්ගේ මඩි තරකර ගැනීමට, ජනතාවගේ මුදල් කඩාගෙන බඩ තඩි කරගත් රාජපක්ෂ හැතිකරයට අමතර හමුදා, පොලිස්, ගිලන් රථ පෙරහැර අවශ්‍ය නොවේ...
දැන් ඔය මනුස්සයාට ආරක්ෂාවක් ඕනෑ වෙන්නේ නෑ. වලපයයි, ගොඩපයයි ඉන්නේ... යම්කිසි බලයක් ක්‍රියාත්මක කරන පුද්ගලයකුටයි ආරක්ෂාව දිය යුත්තේ. දැන් ඒ මනුස්සයා ගෙදරට වෙලා ඉන්නේ කිසිම තර්ජනයක් නෑ බිය නොවන්න...
ඔහේ මයිනගේ ගෙදර ගිහින් නැවතෙන පුත්තු 3ක් ඉන්නේ රැකගන්න කියනවකෝ... පවුලේ අයට රටේ සල්ලි වලින් දෙන්න හදන්නේ 60 ක් දීලාත් මදිනම් සොහොන් ගෙයක් හදලා ඒකේ ඇතුලේ තියනවා හලෝ... එක්කෝ පොළව යට මොන මගුලක්ද මේ...?
ඔය පරාපස්ස හැතිකරයම මැදමූලන "මල ඉලව්වෙ " භූගත බංකරයට දමලා වැහුවා නම්, ඔවුන්ට අතිරේක පොලිස් ආරක්ෂාවක් දෙන්න ඕනෑ නෑ...!
මෙයා කළේ යුද්ධය දිනලා රට හැදුවා නොවේ රටට ශුද්ධය දුන්නු එකයි.
කට්ටිය ටෙන්ෂන් වෙන්න එපා. ඔය දඩාවතේ යන බල්ලෙක් අපිව කෑවා කියලා අපි ඒ බල්ලව කන්න යන්නැති නිසාම ඕක ගණන් ගන්න එපා. අපේ රටේත් ජනතාව දැනුවත් වෙලා ඉන්නේ කාවද පත්කරන්න ඕනෑ කියලා. මාලිමාවට ජයවේවා.. මාලිමාවට ජයවේවා... මාලිමාවට ජයවේවා..!
මේකෙ පිනට කොටන අය අද දින ජීවත් වෙන්නේ මහින්ද රාජපක්ෂ කොටි කල්ලිය විනාශ කොට ලන්කාව එක් සේසත් කරපු නිසායි. කෙලෙහිගුණ නොදන්නා මිනිසුන් ලන්කාවේ සිටීමට වඩා සුදුසු වන්නේ ඉතියෝපියාව වගේ රටක ජීවත් වීමයි...
මවිල් ඔක්කොම එකට ගැටගහන්න. නාමල්ගේ මවිලුත් එක්කම...
විශ්‍රාම වැටුප ප්රමාණවත්ය. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගේමයි. නිල වාහන බංගලාව නැත. ගෙදර ඉන්න. ආරක්ෂාව අවශ්‍ය නැත
ඕනේම කණ්ඩායමක පහළ පන්තිය වැඩකළාම ඒකෙ හොඳ නරක යන්නේ නායකයාටයි. වැඩකළ එකාට අබ. සරත් ෆොන්සේකාටත් එහෙමයි. එයත් එහෙමයි.
මහින්ද රාජපක්ෂ යනු යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයායි. ඔහු නොසිටින්නට ශ්‍රී ලංකාව සෝමාලියාවක් වනු නිසැකයි. එතුමාට මේ රටේ ජනතාව සදා ණයගැතියි. අනාගතයේ දිනක ඔහු ශ්‍රී ලංකාවේ වංශකතාවට එක්වේවි...!
දැන් මේ නාකි මයිනා ෆුට් බයිසිකලයක් පැදගෙන පර්ලිමේන්තුවටත් ආවේ? මෙයාට දෙන්න ඕනේ ෆුට් බයිසිකල් දෙකකුයි, කොස්තාපල්ලා දෙන්නෙක් බැටන් පොලු දෙකක් එක්ක...
මේ කවුද?