
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතාගේ බිරිඳ ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් පැවසීය
ඒ සඳහා මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්ද යොදවා ඇතැයි හෙතෙම කීය
රශි පබා රත්වත්තේ මහත්මියට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිතාසි පවා නිකුත් කර ඇතැයි පොලිසිය කියයි
ඊට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතු සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කරන බව ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය
නීති විරෝධී මෝටර් රථයට අදාළව කටුගස්තොට නිවසේදී ඊයේ (31) අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එදිනම නුගේගොඩ අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වෙනිදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි කරුවන් සියල්ල ඇතුලට දමන්න…. මේ අයට මගේ මව්බිම ලියලා දුන්නේ කවුද…?
මේ වගේ සමාජ පිළිල ඉවත් කළ යුතුයි. නැතහොත් සුදුසු බිමක් ලදපසු නැවත ලියලා සමාජයම විනාශ කරනු ඇත. මාලිමා රජය හැර වෙන ඕනෑම රජයක් තිබුණි නම් මොහු සුරක්ෂිතයි...
මිනීමරුවන්ට කළ නොහැකි දෙයක් නොමැත.
මේකටත් කියන්න එපා දේශපාලන පලිගැනීම් කියලා. පුළුවන් නම් නිවැරැදි බව ඔප්පු කරන්න....
ඔහුට බිරිඳවල් කිහිප දෙනෙක් සිටින බව පසුගිය කලේ මාධ්‍ය වාර්තා විශ්ලේෂණය කරනකොට පෙනී යනවා. අත්අඩංගුවට ගන්න සොයන්නේ මේ කාන්තාවන් කිහිප දෙනා අතරින් කුමන බිරිඳද?
ලොහාන් රත්වත්තේ කියන්නේ සරලවම මානසික රෝගියෙක්. මේ ගමන්ම මේ යකාගේ මානසික රෝගී වාර්තාවක් කැඳවන්න. මේ ඇවිල්ලා කිසිම වර්ගයක තනතුරක් දරන්න සුදුසු මානසික මට්ටමක ඉන්න මනුස්සයෙක් නෙමෙයි...
රත්වත්තටත් හිරේ ලඟින්න වෙයි කියලා කවුද හිතුවේ? මේ විදිහට ලඟදීම වික්‍රමසිංහලා ජම්පරේ ගහලා පාර සුද්ද කරනවා බලන්න පුළුවන් වෙයි වගේ?
ලොහානේග් බොඩිගාඩ් කෙනෙක් හිටියා, උඩතලවින්න ඝාතනය වුණ හැටි දැකපු. ඒ මනුස්සයා සීදුව හරියේ එන කොට පාර හරහා කන්ටේනරයක් දාලා හැප්පුවා. හොඳටම අමාරු වෙලා ඉඳලා බේරුනා, මැරුනේ නෑ,. අන්තිමට මිනිහා ලංකොවන් ගියා. අනතිමට හම්බ වෙන කොට DJ කෙනෙක් වෙලා හිටියේ . හිතන්නේ තියන එකම සාක්ෂිය මේ ළඟදි මෙයාගේ ලේකම් වෙඩි තියාගෙන මැරණා කිව්වා. මරණය ඉතාම සැක සහිතයි. මේ ගොල්ලනේග් ගේම් ගැන හොයන්න වෙනවා.
එතකොට බිරිඳටත් එල්ලුම් ගහ පෙන්නන්න එක්කන් යන්න පුළුවන් වෙයි...
දිට්ඨධම්වේදනීය කරුම. නීතිය ඉදිරියේ සමානාත්මතාවය විශ්වාස කරන අයට සැනසීමක් විය, අවසානයේදී, ජොයල් පේරා ඝාතනය සිදු වූ ස්ථානයේ සිටි ප්‍රධාන චරිතයක් සොයා ගැනීමට පොලිසියට හැකිවිය... ලොහාන් රත්වත්තේ. පැපුවා නිව්ගිනියාවේ රග්බි තරුවක් වූ ජොයෙල් පේරා මැයි දිනයේදී 01/05/1997 කොළඹ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් වන කොල්ලුපිටියේ කාල්ටන් ක්‍රීඩා සමාජය ඉදිරිපිටදී ඝාතනයට ලක්විය. පේරා ඝාතනය සිදුවූ ස්ථානයේ සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන ලොහාන් රත්වත්තේ ලොහාන් රත්වත්තේ ප්‍රබල අමාත්ය අනුරුද්ධ රත්වත්තේගේ පුතෙකි. මාසයකට ආසන්න කාලයක් පොලිසිය එම ස්ථානයේ සිටි ප්‍රධාන චරිතයට නොපැමිණ මේ සම්බන්ධයෙන් කකුලෙන් ඇදගෙන ගිය බව ජනතාවට රහසක් නොවීය. පොලිස් ක්‍රියා විරහිතභාවය හේතුවෙන් මාධ්‍ය හරහා උද්ඝෝෂණයක් ඇති වූ අතර එමඟින් රටේ නීතියට අනුව කටයුතු කිරීමට පොලිසියට බල කෙරුනි.