
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි ප්‍රතිලාභ සියල්ල ලබා දී තිබෙන බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවද ජනාධිපති කාර්යාලයේ කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි බව ජනාධිපති කාර්යාලය පවසයි.
එමෙන්ම දැනට වාහන 3ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008, Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන් කර තිබේ.
ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබා දෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි.
ඒ වෙනුවෙන් දැනට සේවයේ නියතු යුද හමුදා හා නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටිති.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිචිච මළ කුණක්.. 2013 කඩ්ඩෙක්ව බදාගත්තු දවසේ ඉවරයි. දැන් තියාගෙන ඉන්නේ මළකුණක්.. ඒ්ක ආරක්ෂා කරන්න අපිට බදු ගෙවන්න බෑ... ඔය මලකුණ ඉක්මනටම වලදාලා දාන්න.
කරුණාකර වේදිකාවේ කීව්ව විදිහට වැඩ කරන්න. සිය ගණන් ආරක්ෂකයෝ මොකටද..? මෙහෙම වෙලා අපේ රට කොහොමද ඔලුව උස්සන්නේ...? එහෙම බැරි නම් ආරක්ෂාව පිළිබඳව ලොකු ගැටළු ඇත්තටම තිබෙනවා නම් ඔය ජනාධිපතිවරු සියලුම දෙනා එක ස්ථානයක් ආරක්ෂක නිවස්නයක තබා අපේ රටට දැරිය හැකි අයුරින් කටයුතු කරන්න. නමුත් ගැහුව පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ වගේ වැඩ කරලා මිනිසුන් රවටන්න නම් හිතන්න එපා.
ලෝකයේ පොහොසතුන් පමණක් පදින මර්සිඩිස් බෙන්ස් මේබාක් රථයක මිල කෝටි විස්සක් පමණ වනවා. මර්සිඩීස් බෙන්ස් ජී 63 4x4 ජී මෙඩල් ජීප් රිය රුපියල් කෝටි පහළොවක් වෙනවා. මීට වඩා අඩු වටිනාකමක් ඇති වාහන දෙන්න බැරි ඇයි…? ඩබල් කැබ් වගේ… මේවා අපේ සල්ලි නාස්ති කිරීමක්. පනතේ මේ වාහනම දෙන්න කියලා නැහැ...
ඡන්දයට කළින් කිව්ව ඒවා දියාරු වේගෙන එනවද මන්දා...?
ඔවුන් කියන්නේ ඔවුන්ට තියෙන දේ මදි, ඒකයි වැඩිපුර ඉල්ලන්නේ...!
ඔවුන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ ජනතාවගේ බදු මුදලින්. දැන් තියෙන දේ මදි කියලා තමයි අඬන්නේ...!
ලෙඩෙක්ට එහේ මෙහේ යන්න මෙකෙටද බෙන්ස්? ගිලන් රථයක් විතරයි අවශ්‍ය.
කිසිවක් නොදන්න, පක්ෂයක් විතරක් අන්ධව බදාගෙන සිටින දේශපාලනය පමණක් දන්නවා යැයි සිතා සිටින කවුරුත් දැන ගතයුතු කාරණයක් තමයි මහින්ද මහතා කොටි ත්‍රස්තවාදීන් විනාශ කළ එක. එය කළේ සමස්ථ රටට. ඔහු ගැන වෙනත් කෝණ එක් පසෙක. ඔහුව ආරක්ෂා කරගැනීම රටේම වගවීමක්...
මේ එක බෙන්ස් මෝටර් රථයක වටිනාකම රුපියල් 102,224,457.00 බවත් බෙන්ස් ජීප් රථයේ වටිනාකම රුපියල් 141,974,247.00 බවත් ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථයේ වටිනාකම රුපියල් 47,113,254.00 බව ඔබ දන්නවද? මේවා කජුඇටද? කොස් ඇටද? අදත් මැතිවරණ වේදිකාවල කියනවා ඇහෙන්නේ "හිටපු ජනාධිපති වරුන්ගේ සියලුම දීමනා සහ හමුදා ආරක්ෂාවල් අයින් කරනවා කරනවා මයි" කියලයි. සමහරවිට මහින්ද මහත්තයාට අත තියන්න මැලිවන්නේ " තිස් වසරක ශාපකාරී යුද්ධය අවසන් කල විරුවා " ලෙසට රටේ මහජතාව තුළ ඇති අසීමිත පිළිගැනීම නිසාවත්ද නැත්නම් මැතිවරණය අවසන් වෙනතුරු හොරගල් අහුරනවා වත්ද?
ඕකනේ කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා.
වේදිකාවේ කිව්ව කතා හරියට ක්‍රියාත්මක කරන්න... දැන් මොකද බයවෙන්නේ ඕවාට...!
කතාව දෝලාවෙන්, ගමන යන්නේ කකුල් දෙකෙන්... කියපු මේ අපේ පැරණි ප්‍රස්තාර පිරුල ජනාධිපති AKD ටත් එයාගේ NPP එකටත් අදාළ බව සිතා අනවශ්‍ය ප්‍රතිචාර දැමීමෙන් වළකින්න...
කෝටි පහලවේ ජීප් එක පදින්නේ චිචියා….
ආර්තික ඝාතකයා, සුනාමි හොරා, ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිතයෙකුට කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුමයි. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු කෙනෙක්...!