
(ප්‍රසාද් රුක්මල්)
පස්සර අඹතැන්න ගොවිපල ප්‍රදේශයේ එකම පවුලක මව, පියා ,අයියා , නැගණිය එකතු වී ගෙපලක් කපමින් සිටියදී හදිසියේ පතිත වූ අකුණු පහරක් වැදීමෙන් 10 හැවිරිදි දියණිය මියගොස් 16 හැවිරිදි පුතනුවන් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස අකුණු අනතුරින් මියගොස් ඇත්තේ පස්සර අබතැන්න ගොවිපල ප්‍රදේශයේ පදිංචි ව සිටි පස්සර මධ්‍ය මහ විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔබේසේකර මුදියන්සේලාගේ තිලක්ෂි මධුශිකා (11) නැමති සිසුවිය වන අතර ඇයගේ සහෝදරයා තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කීය .
මොවුන් කුඩා නිවසක පදිංචිව සිටින අතර , නව නිවසක් ඉදිකිරීම සදහා දැනට සිටින නිවස අසල මව ,පියා, දියණිය ,පුතනුවන් එකතු වී උදලු අතැතිව ගෙපලක් කපමින් සිටියදී වැහි අදුරත් සමග එක්වරම පතිත වූ අකුණු පහරක් වැදී ඇතැයි ද පොලිසිය සදහන් කළේය .
මින් මව පියා කිසිදු තුවාලයක් නොලබා බේරි ඇති බවත් පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුයි. කාලගුණ දෙපාර්තමේන්තුව, අවුරුද්දකට සැරයක්වත් අකුණු වලින් අනතුරු වෙන්නේ කොහොමද කියලා කාලගුණ දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශනයක් කරනවා නම් හොඳයි. මොකද අපේ අයට ඔය දේවල් ඉක්මණින් අමතක වෙනවා...!
අකුණු ගහන්න ඕනේ අයට නෙමෙයි අකුණු ගහන්නේ. නැති බැරි අසරණ අයට...