
(ජේ.ඉඳුරුවගේ සහ ගයාන් සුරියආරච්චි )
මහජනතාව විසින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දෙයි.
මේ පිළිබඳව තමන් යටතේ සිටින සියලු පොලිස් නිලධාරීන් දැනුවත්කරන ලෙස සඳහන් කරමින් පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහල පොලිස් නිලධාරීන් වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
පොලිස් නිලධාරීන් ගේ විව්ධ ක්‍රියාකාරකම් වීඩියෝ කරන අවස්ථාලදී ඇතැම් පොලිස් නිලධාරීන් එම වීඩියෝගත කරන පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්,වීඩියෝ දර්ශන ලබා ගන්නා ජංගම දුරකතන හා පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම් වාර්තාවී ඇති බවත් මෙම ලිපිය මගින් දැනුම් දී ඇත.
මෙලෙස වීඩියෝ ගතකරන සංස්කරණය නොකළ දර්ශන අපරාධ හෝ සිවිල් නඩු කටයුතුවලදී සාක්ෂි පනතට අනුව විත්ති හා පැමිණිලි පාර්ශ්වයන් දෙකටම සාක්ෂි ලෙස ප්‍රයෝජනයට ගතහැකි බවද වැඩ බලන පොලිස්පතිවරයා එම ලිපිය මගින් දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක චක්‍රෙල්ඛනයක් විදිහට දන්වලා තියෙන්නේ?
ඉතා හොඳ දැනුවත් කිරීමක්... ගිය සතියේ යූටියුබ් එකේ තිබුණා වීඩියෝ කරන කෙනෙකුට ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක් නරක විදිහට බනින දර්ශනයක්...
මේ අයව තව හීලෑකරල ගන්න ඕන. මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන්න බැරි තිරිසන් පාලකයින් යටතේ, තිරිසනුන් වගේ හැසිරුණ පොලීසියට තව ගොඩක් දේවල් තියනව නියම පොලිස් ක්‍රියාකාරකම් ගැන ඉගෙනගන්න.
මේවා මේ රජයේ පිස්සු ආකල්ප. හැම දේකටම පාලනයක් තියෙන්න ඕනෑ. නැත්නම් නිලධාරීන්ට රාජකාරි කරන්න බැරිවෙනවා...!
තහනමක් නෑ කියලා කලකට පෙර අජිත් රෝහණ මහත්මයත් කීවා.