
( මහින්ද නිශ්ශංක )
ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
පීලි පැනීමට ලක් වූ රුහුණු කුමාරි දුම්රියේ පිටුපස එංජිම පීලි ගත කර ඇති බවත් තව මැදිරියක් පීලි ගත කිරීම මේවනවිට සිදු වෙමින් පවතින බවත් පාලක මැදිරිය සදහන් කරයි.
ඒ අනුව තව පැයක්, දෙකක් ඇතුලත දෙවැනි මාර්ගයේ බෙලිඅත්ත, මාතර , ගාල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd