
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත.
සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා මෙම පියවර ගන්නා බව මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (1) පස්වරුවේ මෙම වැඩසටහන පැවැත්විණි.
අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්විය.
ඉදිරි නව පාසල් වාරයේදී අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන සහ පොහොර සහනාධාර ලබාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, මිලේනියම් IT සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහේෂ් විජේනායක මහත්වරු ඇතුළු ක්ෂේත්‍රෙය් ප්‍රවිණයන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බදු සල්ලි වලින් ගොවියන්ට පොහොර, සහනාධාර දෙනවා. අන්තිමට ගොවියෝ ඔවුන්ගේ වී වැඩි මිලට ඩඩ්ලිට විකුණනවා.. වී අලෙවි මණ්ඩලේට දෙන්නේ නැහැ. අන්තිමට ඩඩ්ලි සහල් නොසෑහෙන මිලකට වෙළද පලට නිකුත් කරනවා. දෙපැත්තෙන්ම අන්තිමට තැලෙන්නේ අපි... වී පිටරටින් ගෙනත් අඩු මිලට දෙන්නේ නැතිව දේශපාලන මතවාද ඉදිරියට දමාගෙන එන හැම ආණ්ඩුවක්ම ඩඩ්ලිව පෝසත් කරන්න කටයුතු කරනවා නම්, ලබන ඡන්ද වලදී ප්‍රතිඵල ලැබේවි..., ගොවියාට කියන්න ලබන කන්නේ පොහොර සහනාධාර අවශ්‍ය නම් මේ කන්නේ අස්වැන්නෙන් අවම වශයෙන් 50% වත් මණ්ඩලේට දෙන්න කියලා...
රටක අහාර සුරක්ශිතතාවය කියන්නෙ ඉතාම වැදගත් දෙයක්. මෙ නිසා සහල් ගබඩා පවත්වාගෙන යාම රජය භාරයට ගත් යුතුයි. නැතිනම් සහල් ගබඩා පවත්වාගෙන යාම හවුලේ කළ යුතුයි. මිලදි ගෙන සහල් බවට පත්කළපසුව සහල් තොග රජයේ අධීක්ෂණය යටතේ ඇති ගබඩා වලට භාරගන්න.
නැතිනම් පොහොර සහනාධාරත් ඩඩ්ලිගෙන්ම ඉල්ලා ගන්න කියලා, විවිධාකාරයේ ප්‍රවාහන ගාස්තු, නැව් ගාස්තු, බදු ගෙවලා රටින් ගෙන්වන සහල් ලංකාවේ වවන වී වලින් ගන්න සහල් වලට රුපියල් 100ක පමණ අඩුවෙන් දෙන්න පුළුවන් කියන්නේ, අපේ පරිපාලනේ ලොකු අවුලක් තිබෙනවා..
මේක පුද්ගලයෝ කිහිපදෙනෙක් එකතුවෙලා මාෆියා ක්‍රමයට හදන කෘතීම මිලක්, වී අලෙවි මණ්ඩලේ ඉහල නිලධාරියෝත් මේ වැඩේට හවුල්, පැවැති හැම රජයක්ම ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත් සහ මිත්‍රපාල ලංකේශ්වර ප්‍රමුඛ සහල් මාෆියාවට අවශ්‍ය ලෙස තමා වැඩ කලේ, ගොවීන්ට මහජන මුදලින් ලැබෙන්නේ පොහොර සහනාධාර පමණක් නොවේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ජලය සපයන්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නඩත්තු කරන්නත් විශාල මහජන මුදලක් රජය වියදම් කරනවා, මේ ඔක්කොම කරලා, පිටරටින් නැව් ගාස්තු ඇතුළු විවිධ ප්‍රවාහන ගාස්තු විවිධාකාර බදු ගෙවලා ලංකාවට ගෙන්වන සහල් ලංකාවේ අර පෙර කියපු සහනාධාර දීලා හදන ඒවාට වැඩිය රුපියල් 80-100 අතර අඩු මිලකට දෙන්න පුලුවන්නම් අවුල තිබෙන්නේ කොහේද කියලා රටට පැහැදිලි කරන්න...